වරායේ වැඩට නාවික හමුදාව දැමීමේ උත්සාහයක්

(2009 නොවැම්බර් 11 - W3Lanka)  වරාය සේවකයින්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය මර්දනය කිරීම සඳහා අද උදේ නාවික හමුදාව යොදා ගැනීමට වරාය බලධාරීන් ගත් උත්සාහය සේවක විරෝධය නිසා දැනට තාවකාලිකව නතර වී ඇතැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප‍්‍රධාන ලේකම් චන්‍ද්‍රසිරි මහගමගේ පවසයි. 

මේ අතර වරාය සේවකයකුට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් මේ මොහොතේ වෙරළබඩ පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගත් බවද මෙවැනි මර්දන ක‍්‍රියාමාර්ගවලින් වරාය සේවකයින්ගේ වෘත්තීය අරගලය නතර කළ නොහැකි බව ද හේ වැඩිදුරටත් පවසයි.

මේ පිළිබඳව ඛණිජ තෙල්, විදුලි, වරාය, ජල වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් අදහස් දක්වමින් අසෝක රංවල පවසන්නේ දැනට මෙම ආයතන හතරේම ක‍්‍රියාත්මක වන අකුරට වැඩ කිරීමේ ක‍්‍රියාමාර්ගය ජනතාවට පීඩාවක් නොවන අවම සීමාවක පවත්වාගෙන යන බව හා එසේ තිබියදීත් ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ග හරහා මෙම අරගලය මැඩ පැවැත්වීමට උත්සාහගතහොත් දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ගැනීමට වෘත්තීය සමිති එකමුතුව සූදානමින් සිටින බවත් ය.
-යුනියන්ස් ලංකා

Comments

  1. ඇයි නාවික හමුදාවෙ ඉන්නෙ නැව් කටයුතු ගැන දන්නැති ඔටුවොද?

    ReplyDelete
  2. Jeppanta kawadawath chanda dinanna beri me wage weda nisa. Rate inna onema manussayek dannawa strike ekak giyoth kelawaraka jeppo kiyala.
    Anika strike newei akurata weda karath eka minissunta karadarayak.
    Anika methana thiyenne api karanne nethnam kaatawath karanna denne nethi Jeppange theory eka. Mun mechchara chanda peradilath thaama igena ganna ne oka

    ReplyDelete
  3. Gray හරියටම හරි.
    JVP ආණ්ඩුවට සපොට් කරන කොට වර්ජන නෑ.
    මේක ජනතාවට කරන්න තියෙන පොඩි පරීක්ෂණයක්.

    ReplyDelete
  4. විශ්ව විද්‍යාලවලත් වර්ජන නෑ, JVP ආණ්ඩුවට සපෝට් කරන කලෙට.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප