ගහන ගැහිලි හමුවෙහි බලු ලෙසින් සිට - බදු ගෙවමින් බඩගින්නේ සිටියි රට


(2009 නොවැම්බර් 06 - W3Lanka) පෙට්‍රල් ලීටරයකින් අය කරනු ලබන රුපියල් 130 ක මුදලින් රුපියල් 63.58 ක්‌ බදු බව මුදල් හා දේශීය ආදායම් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා නොවැම්බර් 5දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙය 48.9% ක ප්‍රතිශතයක්‌ බවද ඇමැතිවරයා කීය.

2008 වසරේදී පෙට්‍රල් මගින් රජය ඉපයූ මුළු මුදල රුපියල් කෝටි 3388 ක්‌ වූ අතර 2007 දී එය රුපියල් කෝටි 2375 ක්‌ වූ බවද ඇමැතිවරයා කීය.

ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඉහත ප්‍රකාශය කළේය.




සාමාන්‍ය මිල රුපියල් 1560 ක්‌ පමණ වන කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්‌ත ගෑස්‌ සිලින්ඩරයකින් රජය රුපියල් 426.56 ක බද්දක්‌ අය කරන බව මුදල් වෙනුවෙන් ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන හරහා ක්‍රම සම්පාදන ඇමැතිවරයා නොවැම්බර් 04දා පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලිඛිත පිළිතුරක සඳහන් වේ.

රේගු බද්ද ලෙස රුපියල් 382.50 ක්‌, සමාජ ආරක්‍ෂණ බද්ද රුපියල් 5.74 ක්‌ සහ වරාය හා ගුවන් තොටුපල බද්ද රුපියල් 38.32 ක්‌ද වශයෙන් මෙම ගෑස්‌ සිලින්ඩරයකින් අයකරන බද්ද සකස්‌ වන බවද පිළිතුරේ සඳහන්වේ.

මෙම බදු මුදල්වලින් 2008 වසරේදී රජය රුපියල් කෝටි 12.6 ක මුදලක්‌ උපයා ඇතැයිද පිළිතුරේ දැක්‌වේ.

ජනතා විමුක්‌ති පෙරමුණේ මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා ඇසූ පැනයකට මෙම පිළිතුර මෙසේ සභාගත කෙරිණි.

රු. 257කට මෙරටට ගෙන්වන කිරිපිටි කිලෝග්‍රෑමයකට බදු ලෙස තවත් රු. 145ක් එකතු වන බව මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැති රංජිත් සියඹලාපිටිය නොවැම්බර් 5දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙසේ රු. 402ක වටිනාකමක්‌ ඇති කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක පැකැට්‌ටුවක්‌ වෙළෙඳපොළේ අලෙවි වන්නේ රු. 530ත් රු. 585 අතර මුදලකට බව ද ඇමැතිවරයා කීවේය. ඒ ඇසුරුම්, ප්‍රචාරණ, බෙදාහැරීම් වියදම් හා වෙළඳ ලාභය එකතු වූ පසුවයි. 




කිරිපිටිවලින් විශාල ම ලාභය ලබන්නේ සමාගම් නොව රජයයි.
 





Comments

  1. Now please do not blame capitalism for this. This is statism, not capitalism. If the profits goes to companies at least you have a valid reason to blame capitalism, but not when the profits goes to govt. No capitalist country tax the public like this.

    ReplyDelete
  2. ටැබූ, මේ සංවාදය තව ඉදිරියට යා යුතුයි. ඔබ කියන රාජ්‍යවාදය ලෝක ධනේශ්වර පද්ධතිය සමග ඉතා තදින් බැඳී පවතින්නකි. මේ රාජ්‍යය උපයන ලාභයට සිදු වන්නේ කුමක්ද? එයින් විශාල පංගුවක් දේශපාලකයන් හා නිලධාරීන් විසින් ගසා කනු ලැබේ. ඔවුන් ඒවා ආයෝජනය කරන්නේ ධනේශ්වර මුල්‍ය හෝ ප්‍රාග්ධන වෙළඳපොල තුළ ය. ඔබ කියන රාජ්‍යවාදයෙන් ලාභ ලබන්නේ දේශීය හා විදේශීය ධනේශ්වර පංතිය මිස රාජ්‍යයෙන් සේවා ලබා ගන්නා වෙනත් සමාජ පංතීන් නොවේ.

    ධනවාදයට සදා නිම කළ රූපයක් නැත. ලාභය වෙනුවෙන් එය අවස්ථාවේ හැටියට රූපාන්තරණය වෙයි. මුල් යුගයේදී නීච ලෙස ආසියා, අප්‍රිකා, ලතින් ඇමරිකා රටවල මහ පොළව හා ජනයා කොල්ල කෑ එය නිදහස් ස්වෛරී ලංකාවේදී ඔබ කියන අන්දමේ රාජ්‍යවාදයක් බවට පත් වෙයිග එහෙත් සිදු වන්නේ එක ම දෙයකි.

    ReplyDelete
  3. First you need to learn the basics. Capitalism is well defined. Fidel Castro too invests in global market. That does not make him a capitalist.

    ReplyDelete
  4. කියුබාවේ ඇත්තේ ද රාජ්‍ය ධනවාදයක් මිස සමාජවාදයක් නොවේ. සාජවාදය ද ධනවාදය ද යන්න තීරණය වන්නේ අර්ථ ක්‍රමයෙන් මිස අදහස් විසින් නොවේ. කියුබාවේ ඇත්තේ ජාතික සමාජවාදී දැක්මක් සහිත ධනවාදී අර්ථ ක්‍රමයකි.

    ReplyDelete
  5. This is what I don’t agree with you. If you say Cuba too follows 'capitalism' (in whatever form), according to you, 'Capitalism' is a name given for ALL economic mechanisms combined.

    In my universe, capitalism has a different meaning. To me USA, UK, Germany, Japan, Singapore are capitalistic societies (of different degrees) while Cuba and North Korea follows a mix of Statism and Communism. There is hardly any capitalism in these countries. China on the other hand is partially capitalistic and partially communist.

    So the disagreement between us is on the terms.

    You call capitalism as one thing, and I call it another. That's all.

    ReplyDelete
  6. ධනවාදී සමාජයක් යනු 'පුද්ගලයන්ගේ ශක්තීන්' සමාජයේ අභිවෘද්ධිය සඳහා ඒ ඒ පුද්ගලයාගේ වාසි අවාසි තක්සේරුව අනුව භාවිතාකර පුද්ගලාගේ ආත්මාර්තකාමීත්වය අනුන්ගේ යහපත වෙනුවෙන් යොදාගන්නා සමාජයකි. සමාජවාදී සමාජය මින් වෙනස්වන්නේ එකී තීරණ ගැනීම දේශපාලන පක්ෂයනට හෝ අධිබලධාරී කමිටුවකට බාරදුන් පසුව ඒ පිළිබඳව කිසිම වෙනස් කමක් කිරීමට පුද්ගලයන්ට අයිතියක් නොමැති සමාජයකටය.
    ඉහත සිද්ධියෙන් ඉස්මතු කරනුයේ රජය බදු ලෙස අති විශාල මුදලක් දුප්පතුන්ගෙන් රැස් කරගන්නා අතර එම මුදල් අයථාලෙස භාවිතා කරනු ලබන බවයි.
    එය සමාජවාදය හෝ ධනවාදය පිළිබඳ ප්‍රශ්නයක් නොවන අතර රජයේ යහ පාලනය පිළිබඳ ප්‍රශ්නයකි. එය විසඳා ගැනීම ධනවාදී හෝ සමාජවාදී යන කුමන මතය දරන්නන් වුවද එකට එකතුවී කළ යුත්තක් වේ.

    ReplyDelete
  7. Prara, you should read at least wealth of nation before discuss about capitalism.

    I think that tax is not enough, it must increase by two folds at least before new year so we can provide unemployed graduates jobs.

    ReplyDelete
  8. rajaye wancha dushana akramikatha nawatanu!! wisaduma lagai.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප