මහින්ද දිනුවොත් එස්.බී. අගමැති


(2009 දෙසැම්බර් 08 - W3Lanka) ඊයේ හදිසියේ ම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණු එජාප හිටපු ජාතික සංවිධායක එස්. බී. දිසානායකට ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයෙන් පසු පැවැත්වෙන මහ මැතිවරණයකදී තරග කර අගමැති තනතුර ලබා ගැනීමට උදව් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වී ඇති බව වාර්තා වේ. 


පෙරේදා ජනාධිපතිවරයා එස්.බී. දිසානායකට හිමි හඟුරන්කෙත පිහිටි දැවැන්ත මන්දිරයට ම ගොස් ඔහු හමු වී විනාඩි 45ක් පමණ සාකච්ඡා කිරීමෙන් පසුව දිසානායක සිය පැරණි මිතුරාට උදව් කිරීමට එකඟ වී තිබේ.


‍එස්.බී. දිසානායක මෙම මන්දිරය ඉදි කළේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ සමෘද්ධි ඇමති ලෙස සිටිමින් වන බැවින් මෙම නිවස සමෘද්ධි මහල් ලෙස ඇතැමෙකු විසින් හඳුන්වන ලදී. 


ජනාධිපතිවරයා එස්.බී.ගේ නිවසට ගොස් ඔහු සිය ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවීම සඳහා කැඳවා ගැනීමට අදහස් කළේ තරගය තියුණු මුහුණුවරක් ගන්නා බවට ඇති වැටහීම නිසා බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි. 

කෙසේ වෙතත්, එස්.බී.ගේ කැඩී යාම එක්සත් ජාතික පක්ෂයට තද බල පහරක් බව ද මේ වන විට එජාප සභාපති රුක්මන් සේනානායක ද එස්.බී.ගේ අඩි පාරේ යන්නට සලකා බලමින් සිටින බව ද වාර්තා වේ. 


එහෙත්, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එස්.බී. යාම ගැන සිය සමීප මිතුරන් සමග සතුට පළ කර ඇති බව හා රුක්මන් සේනානායක ද යන්නේ නම් තමන් වඩාත් සතුටු වන බව කියා ඇති බව ද ආරංචි මාර්ග පවසයි.

Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප