මහින්ද මහත්තයෝ දැන් බැහැලා යන්න සූදානම් වෙන්න - ටිල්වින්
(2009 දෙසැම්බර් 01 - W3Lanka) "මහින්ද වරද්දා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය අවතක්සේරු කිරීමෙන්. ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය අවතක්සේරු කරපු හැම කෙනාම වරද්දා ගත්තා. මේක ගල් පර්වතයක්වුණත් අස්වද්දන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක්. මහින්ද මහත්තයෝ දැන් බැහැලා යන්න සූදානම් වෙන්න" යි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් හයිඩ් පිටියේ පැවති රැළියකදී පැවසීය.
මෙම රැළියට විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සහභාගි වන බවට කලින් වාර්තා වී තිබුණ ද ඔහු සහභාගි වූයේ නැත. ඔහුගේ මංගල රැළිය වඩා උත්කර්ෂවත් අන්දමින් නාම යෝජනා භාර දීමෙන් පසු පැවැත්වීමට සංවිධායකයන් අදහස් කරන බව වාර්තා වේ.
ජවිපෙ රැළිය ඇමතූ නායකයන් කීපදෙනෙකු ම පෙන්වා දුන්නේ ජනවාරි 26 ජනාධිපතිවරණය ජය ගන්නා සරත් ෆොන්සේකා 27දා දිවුරුම් දී 28දා පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවයි. 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක සභාව හා ස්වාධීන කොමිෂන් සභා පත් කර නිර්පාක්ෂික ජනාධිපතිවරයකු යටතේ පැවැත්වෙන මෙම මැතිවරණයේදී ජවිපෙ සීනුව ලකුණ යටතේ වෙන ම තරග කරන බව ජවිපෙ නායකයෝ පැවසූහ.
ජවිපෙ රැළිය පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණු නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ රැස්වීමක් පැවැත්වීමට ජවිපෙට ලබා දුන් අවසරය අවලංගු කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටිමුත් අධිකරණය එය ප්‍රතික්ෂේප කළ බව ජවිපෙ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.
"එම රැලිය අවලංගු කරන බව පොලිසිය මීට පෙර අපට දැනුම් දුන්නේ එහි කෝට්ටේ නගර සභාව විසින් සෞඛ්‍ය සායනයක් පවත්වන බව දැනුම් දෙමින්. ඒ නිසා එම සෞඛ්‍ය සායනයට ඉඩ දී අපි රැලිය කොළඹ හයිඩ් පිටිය වෙත මාරු කළා. දැන් අපි නුගේගොඩට ආවේ සෞඛ්‍ය සායනයක් තිඛෙනවාද කියා බලන්න. නමුත් මෙතැන සෞඛ්‍ය සායනයක් නැහැ. පොලීසිය උත්සාය කළේ ආණ්ඩුවේ පටු දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් අපේ රැලිය කඩාකප්පල් කිරීමටයි," යි හඳුන්නෙත්ති පවසයි.
පොදු අපේකෂකයාට සහ ප්‍රජාතන්ත්‍රවාදයට බිය වී රෝගී වී සිටින රාජපකෂ පවුලට මෙරට ජනතාව ජනවාරි 26 වැනිදා ඛෙහෙත් දෙන්නේ යැයිඔහු වැඩිදුරටත් පැවසීය.
පහත ඡායාරූපයේ දැක්වෙන්නේ පොලිසිය කියූ ආකාරයේ සෞඛ්‍ය සායනයක් නො පැවති නුගේගොඩ ආනන්ද සමරකෝන් වේදිකාවයි.

hik hik Til Win mahattayo dan bahala yanna hodama kalayai
ReplyDelete