මහින්ද මහත්තයෝ දැන් බැහැලා යන්න සූදානම් වෙන්න - ටිල්වින්
(2009 දෙසැම්බර් 01 - W3Lanka ) "මහින්ද වරද්දා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය අවතක්සේරු කිරීමෙන්. ජනතා විමුක්ති පෙරමුණේ ශක්තිය අවතක්සේරු කරපු හැම කෙනාම වරද්දා ගත්තා. මේක ගල් පර්වතයක්වුණත් අස්වද්දන්න පුළුවන් දේශපාලන ව්යාපාරයක්. මහින්ද මහත්තයෝ දැන් බැහැලා යන්න සූදානම් වෙන්න" යි ජවිපෙ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් හයිඩ් පිටියේ පැවති රැළියකදී පැවසීය. මෙම රැළියට විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා සහභාගි වන බවට කලින් වාර්තා වී තිබුණ ද ඔහු සහභාගි වූයේ නැත. ඔහුගේ මංගල රැළිය වඩා උත්කර්ෂවත් අන්දමින් නාම යෝජනා භාර දීමෙන් පසු පැවැත්වීමට සංවිධායකයන් අදහස් කරන බව වාර්තා වේ. ජවිපෙ රැළිය ඇමතූ නායකයන් කීපදෙනෙකු ම පෙන්වා දුන්නේ ජනවාරි 26 ජනාධිපතිවරණය ජය ගන්නා සරත් ෆොන්සේකා 27දා දිවුරුම් දී 28දා පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවයි. 17වන ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව ව්යවස්ථාදායක සභාව හා ස්වාධීන කොමිෂන් සභා පත් කර නිර්පාක්ෂික ජනාධිපතිවරයකු යටතේ පැවැත්වෙන මෙම මැතිවරණයේදී ජවිපෙ සීනුව ලකුණ යටතේ වෙන ම තරග කරන බව ජවිපෙ නායකයෝ පැවසූහ. ජවිපෙ රැළිය පැව...