සමුළුව තියන්න නාලා එන්නැයි ‍පොදු රාජ්‍ය මණ්ඩලය ලංකාවට කියයි


(2009 නොවැම්බර් 30 - W3Lanka) ඡායාරූපයේ අපේ අගමැතිතුමා මේ කදේ වැටී සිටින්නේ ඔහු ම වරෙක කී පරිදි පස්ස නො හෝදන සුද්දකු වන එංගලන්තයේ මහ රැජිනගේ සැමියා වන පිලිප් කුමාරයා සමගයි. ලංකාවේදී සරම බැනියම අඳින අපේ අගමැතිතුමා මේ ටයි කෝට් දාගෙන ගොස් සිටින්නේ පැරණි යටත් විජිත හාම්පුතාගේ ගෙට් ටුගෙදර් එක හෙවත් සුහද හමුව වන පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුවටයි.


2011 පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම ලංකාවේ තැබීම සඳහා 2007දී ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රයක් අනුව ලංකාව ගත් උත්සාහය බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල විරෝධය මැද අහිමි වූ අතර ලංකාවට තම මානව හිමිකම් තත්වය නංවාගෙන 2013 රැස්වීම පවත්වන ලෙස යටත් විජිත හාම්පුතුන් දැනුම් දී තිබේ. 

මෙවර පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වුණේ ට්‍රිනිඩෑඩ් සහ ටොබාගෝ රාජ්‍යයේදී ය. 2011 සමුළුව ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙනු ඇත. 



ලංකාවේ පාලකයන්ගේ නොගැඹුරු අධිරාජ්‍ය විරෝධය හේතුවෙන් ලංකාව රාජ්‍යයක් ලෙස පල් වූ මෑත ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය නොවේ.



Comments

  1. තමන් ඉන්න රටට මෙහෙම කියන උං ඉද්දී මෙහෙම වෙන එක කව‍ර කතාද

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා