එජාප පහර දීමෙන් මාධ්‍යකරුවන් බිය වෙලා; වාර්තාකරණය අපහසු බව කියති


(2009 දෙසැම්බර් 08 - W3Lanka) ජනතා විමුක‍්ති පෙරමුණ රාජ්‍ය මාධ්‍යවලට තහනමක් පැනවීමත්, එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පසුගිය 5දා වැලිසරදී පැවැත්වුණු පක්ෂ සමුළුව වාර්තා කිරීම සඳහා අනාරාධිතව පැමිණි රූපවාහිනී හා ස්වාධීන රූපවාහිනී සේවක පිරිස්වලට පහර දීමත් සමග රාජ්‍ය ආයතන මාධ්‍යකරුවෝ බියපත්ව ඇති බව ද ආයතන ප්‍රධානීන්ගේ වැරදි නිසා තමන්ට හිංසනයට ලක් වීමට සිදු වී තිබෙන හෙයින් සදාචාරාත්මක මාධ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය නො කරන්නේ නම් තමනට වාර්තාකණනය නිසි පරිදි කිරීම අපහසු බව දැනුම් දී ඇති බව ද රාජ්‍ය මාධ්‍ය ආරංචි මාර්ග පවසයි. 


රාජ්‍ය මාධ්‍ය විසින් මහජන දේපල අයුතු ලෙස යොදා ගනිමින් විරුද්ධ පාක්ෂිකයන්ගේ චරිත ඝාතනය කරමින් ඇති අතර, එක්සත් ජාතික පක්ෂයේ පිරිස් එයින් එහා යමින් රාජ්‍ය මාධ්‍ය ආයතන කීපයක මාධ්‍යකරුවන් කීපදෙනෙකුට අතින් පයින් පහර දුන්නේ ය. 

මේ දිනවල රාජ්‍ය මාධ්‍යවලින් මෙම සිද්ධිය පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින් තිබේ. විපක්ෂයේ මාධ්‍ය සදාචාරය ද මෙමගින් දැඩි ලෙස ප්‍රශ්න කෙරෙමින් තිබේ.




Comments

  1. කියන ආකාරයට ගුටිකා ඇත්නම් එයත් හොඳට හිට ඇති බව මේ වාර්තාවෙන් කියැවේ.දැන්වත් ස්වාධින වියයුතු බව ඔවුන්ට තේ‍රැම් ගොස් ඇත.හඩ්සන්ටත් ගුටි හම්බවුනොත් ඔහුත් හැදෙයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප