Posts

Showing posts from November, 2009

සරත් නම් සාමාන්‍ය මිනිසකුගේ නො දුටු රූ

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka) කලින් යුද හමුදා නිල ඇඳුමින් හා දැන් දේශපාලක ඇඳුමින් අප දකින ඒ නිලධාරියාගේ, දේශපාලකයාගේ ජීවිතයේ අප නොදුටු පැත්තක් පෙන්වන මේ සේයාරූ අපට හමු වුණේ Day Life වෙබ් අඩවියෙනි.

සමුළුව තියන්න නාලා එන්නැයි ‍පොදු රාජ්‍ය මණ්ඩලය ලංකාවට කියයි

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) ඡායාරූපයේ අපේ අගමැතිතුමා මේ කදේ වැටී සිටින්නේ ඔහු ම වරෙක කී පරිදි පස්ස නො හෝදන සුද්දකු වන එංගලන්තයේ මහ රැජිනගේ සැමියා වන පිලිප් කුමාරයා සමගයි. ලංකාවේදී සරම බැනියම අඳින අපේ අගමැතිතුමා මේ ටයි කෝට් දාගෙන ගොස් සිටින්නේ පැරණි යටත් විජිත හාම්පුතාගේ ගෙට් ටුගෙදර් එක හෙවත් සුහද හමුව වන පොදුරාජ්‍ය මණ්ඩලයේ සමුළුවටයි. 2011 පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීම ලංකාවේ තැබීම සඳහා 2007දී ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රයක් අනුව ලංකාව ගත් උත්සාහය බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල විරෝධය මැද අහිමි වූ අතර ලංකාවට තම මානව හිමිකම් තත්වය නංවාගෙන 2013 රැස්වීම පවත්වන ලෙස යටත් විජිත හාම්පුතුන් දැනුම් දී තිබේ.  මෙවර පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වුණේ ට්‍රිනිඩෑඩ් සහ ටොබාගෝ රාජ්‍යයේදී ය. 2011 සමුළුව ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙනු ඇත.  ලංකාවේ පාලකයන්ගේ නොගැඹුරු අධිරාජ්‍ය විරෝධය හේතුවෙන් ලංකාව රාජ්‍යයක් ලෙස පල් වූ මෑත ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය නොවේ.

නාවික හමුදාව සමග ගැටුණ තරුණයාගේ මරණය ගැන විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක්

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) ත්‍රිකුණාමලය කොඩ් බේ ධීවර වරාය නාවික හමුදා කඳවුරේ සෙබළුන් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගැනීමෙන් පසු හිටිවනම අතුරුදහන් වූ සිංහල තරුණයකුගේ මිනිය වෙරළට ගොඩගැසීමේ සිද්ධිය පිළිබඳ විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.  මෙම තරුණයා සමග ගැටුණු නාවික හමුදා සෙබළුන් තිදෙනෙකු මේ වන විට ‍මෙම තරුණයා මරා දැමීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.  බහුදින යාත්‍රා මුරකරුවකු වන කේ.එච්. සමන්ත කුමාර නම් වන මෙම තරුණයා කොඩ් බේ ධීවර වරායේ බහු දින යාත්‍රා මුරකරුවෙකි. ඔහුගේ මරණය සම්බන්ධයෙන්ප්‍රදේශයේ ජනතාව නාවික හමුදාවට එරෙහිව උද්ඝෝෂණය කරයි. 

රනිල් තානාපතිවරුන් හමු වෙයි

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) ‍ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද උදෑසන ‍කේම්බ්‍රිජ් ටෙරස්හිදී ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමයේ රටවල් ඇතුළු සියලු රටවල ම පාහේ තානාපතිවරුන් හමු විය. මෙම හමුවට එජාප නියෝජ්‍ය නායක කරු ජයසූරිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක ද සහභාගි වූ බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක ලෙස සරත් ෆොන්සේකා තෝරාගෙන තිබියදී සිදු වන මෙ හමුව අතිශය වැදගත් එකකි.

මට මහළු වයසේ බැරිය දඟ පන්දු පෙර සේ

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) ‍ ඉදිරි ලෝක කුසලාන තරගාවලියට පෙර දඟ පන්දු ප්‍රාතිහාර්යය මුත්තයියා මුරලිදරන් පිටියෙන් සමු ගන්නට අදහස් කරන බව වාර්තා වේ.  ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ දැවැන්ත ම පරාජය ලද දෙවන ටෙස්ට් තරගයේදී මුරලිදරන්ගේ පන්දු යැවීම දුර්වල මට්ටමක තිබිණි. තණ නිල්ල එතරම් වාසිදායක තත්වයක නො තිබුණත්, ඕනෑම තණ නිල්ලක දඟ කැවීමේ ශූරයක් ලෙස කීර්තිමත් මුරලිදරන්ට මෙම තරගය ද ඇතුළු මෑත තරගාවලිවලදී සිය සුපුරුදු දස්කම් පෑමට නො හැකි වීම පිටුපස ඔහුගේ වයස හා ශාරීරික ශක්ති මට්ටම ඇති බව විචාරකයෝ පවසති. මෙහිදී හිටපු ඉන්දීය දක්ෂ දඟ  පන්දු යවන්නකු වන ඒරාපල්ලි ප්‍රසන්න කරන ප්‍රකාශය ඉතා වැදගත් ය.  ඔහු පවසන්නේ මුරලිගේ පන්දු යැවීමේ දුර පිහිටුවීම හෙවත් ලෙන්ත් නිවැරදිව නො තිබුණු බවයි. එහෙයින් පිතිකරුවන් පසුපාදයේ පහර දෙමින් කට් පහරවල් හා ඩ්‍රයිව් පහරවල් එල්ල කළ බව ද දඟ පන්දු යවන්නකු හැම විට ම පිතිකරු ඉදිරි පාදයේ ක්‍රීඩා කිරීමට පොළඹවා ගත යුතු බව ද ඔහු හින්දු පුවත්පතට පවසා තිබිණි. සෑම ක්‍රීඩකයකුට ම වයසත් සමග මෙය සිදු වන බව ද සැම විට ම එක ම පාලනයකින් පන්දු යැවීමට නො හැකි වන බව ද ඔහු පවසයි....

ඉ -ඒෂියා 2009 තොරතුරු තාක්ෂණ සමුළුව හා ප්‍රදර්ශනය දෙසැම්බර් මස 2දා සිට 4වෙනිදා දක්වා

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) දෙසැම්බර් මස 2දා සිට 4වෙනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉ -ඒෂියා 2009 තොරතුරු තාක්ෂණ සමුළුව හා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර ප්‍රදර්ශනය ජනතාවට නොමිලේ නැරඹීමට හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA ) පවසයි. ඝාබාරූපයේ දැක්වෙන්නේ ඉ -ඒෂියා 2009 පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා වීදි සංචාරය කරන විශේෂ බස් රථයයි. අන්තර්ජාලය නොමිලේ පරිශීලනය කිරීමටද මෙම බස් රථය තුල ජනතාවට පහසුකම් සලසා ඇති බව ICTA පවසයි.

රජයට සහය නො දෙන TMVP දේශපාලන මණ්ඩල තීරණය එක කෝල් එකෙන් ඉවරයි

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) නැගෙනහිර පළාත් සභා පරිපාලනයේ දී යම් යම් අඩුපාඩු තිබුණත් තමන්ගේ න්‍යාය පත්‍රයේ එය දෙවෙනි තැනට දමා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පළමු තැනට ගෙන ක්‍රියා කරන බව නැගෙනහිර මහ ඇමති ශිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් පවසයි. ඔහු මෙම ප්‍රකාශය කිරීමට පෙර ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඔහුට කතා කර තිබේ. නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ නායකත්වයෙන් සිකුරාදා රැස් වූ දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් TMVP දේශපාලන මණ්ඩලය 15න් 13ක් ලෙස ඡන්දය දෙමින් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය නො දීමට තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් එඩ්වින් සිල්වා කෛලාසරාජා පැවසූ බව ඊයේ සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේය. රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර පළාත් සභාව පිහිටවූ දා සිට ම නැගෙනහිර මහ ඇමති පිල්ලෛයන්ගේ බලතල පාලනය කළ අතර, නැගෙනහිර පළා‍තේ සංවර්ධන කටයුතුවලදී හා රැකියා දීම් ආදී කාර්යයන්හිදී ඔහු කොණ් කරන ලදී. පසුගිය වසර එකහමාරක කාලය තුළ තමනට වැඩක් කිරීමට නො හැකි වූ නිසා ජනතාව අතරට යා නො හැකි බව TMVP කලින් කීවේය.

1919ට ලැබුණ සම්මානය ජනාධිපති අතට

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) ලෝකයේ විශිෂ්ටතම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති සදහා සම්මාන පිරිනැමෙන විශ්ව සමුළු සම්මාන උලෙළේදී රටවල් 157ක ව්‍යාපෘති 546ක් අතරින් සම්මාන ලැබූ ඉ -ශ්‍රි ලංකා ව්‍යපෘති දෙකකට හිමි වූ සම්මාන ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත බාර දීම පසුගියදා සිදුවිය. එම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති මහාචාර්ය පී. ඩබ්ලිව්. ඈපාසිංහ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රෙෂාන් දේවපුර, ජයන්ත ප්‍රනාන්දු සහ වැඩසටහන් ප්‍රධානී අතුල පුෂ්ප කුමාර සහභාගි වුහ. රජයෙන් සැපයෙන පුරවැසි සේවා පිළිබද ජනතාවට තොරතුරු ලබා දීමට ක්‍රියාත්මක වන 1919 හෙවත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය සම්මාන ලද එක් ව්‍යාපෘතියකි. අනෙක් සම්මානය හිමිව ඇත්තේ ශ්‍රව්‍ය හා දෘෂ්‍යාබාධ සහිත පිරිස් වලට පරිගණක භාවිතය සදහා පහසුකම් සැපයෙන ව්‍යාපෘතියකටය.

මහ විරු දිනයේ ගිනි තැබුණු කැනඩා පන්සල

Image
(2009 නොවැම්බර් 30 - W3Lanka ) ඡායාරූපයේ ඇත්තේ කොටි සංවිධානයේ මහ විරු දිනය යෙදුණු නොවැම්බර් 27දා පාන්දර 2ට පමණ ගිනි තබන ලද බව කියැවෙන කැනඩාවේ ටොරොන්ටෝහි සිංහල බෞද්ධයන්ගේ මහා විහාරයයි. මහ විරු දිනය නිමිත්තෙන් කැනඩාවේදී පැවැත්වූ කතාවක් හේතුවෙන් තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්ෂ සීමන් අත්අඩංගුවට ගෙන වහා සිය කැමැත්තෙන් එරටින් පිට නො වුණහොත් බලෙන් පිටුවහල් කරන බව කැනඩා රජය දැනුම් දුන්නේ ය. මේ පන්සලට පසුගිය මැයි මාසයේදී ද මෙවැනි ම ප්‍රහාරයක් එල්ල විය. එහෙත් කිසිවකු අත්අඩංගුවට ගැනුණේ නැත.

ලංකාවට ම සිටින මනෝ වෛද්‍යවරු ගණන මෙන් සිව් ගුණයක් ඇමතිවරු

(2009 නොවැම්බර් 30 - W3Lanka ) ලංකාවේ ඇමති සංඛ්‍යාව මෙසේයි: කැබිනට් ඇමතිවරු 50යි වැඩබලන ඇමතිවරු 01යි කැබිනට් නො වන ඇමතිවරු 38යි නියෝජ්‍ය ඇමතිවරු 19යි එකතුව 109යි  මීට අමතරව, පළාත් සභා අටක ප්‍රධාන ඇමතිවරු ද ඇතුළත්ව ඇමතිවරු 32ක් සිටිති. ආණ්ඩුකාරවරු 9ක් සිටිති.  මේ අනුව, ඇමති මට්ටමේ පුද්ගලයෝ 151ක් මේ රටේ සිටිති. රටේ ජනගහණය කෝටි දෙකක් වේ නම්, සෑම 130,000ක් දෙනාට ම එකා බැගින් ඇමතිවරු මේ රටේ සිටිති.  ලංකාවේ මිලියන විස්සක් වන ජනගහණය සඳහා විශේෂඥ මානසික වෛද්‍යවරුන් සිටින්නේ 35කි. එනම් ලක්ෂ පහකට එක් අයෙකුටත් වඩා අඩුවෙනි. සෞඛ්‍යය සඳහා සිටින ඇමතිවරු සංඛ්‍යාව නම් 09කි.

ඉන්දියාව ලාංකික ධීවරයන් 68ක් අත්අඩංගුවට ගනියි

Image
(නොවැම්බර් 29 - W3Lanka ) ඉන්දීය බාහිර ආර්ථික කලාපයේ මසුන් මැරීමෙහි යෙදී සිටි ලාංකික ධීවර යාත්‍රා 13ක් සමග ධීවරයන් 68ක් ඒකාබද්ධ නාවික හා ගුවන් මෙහෙයුමකින් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  අත්අඩංගුවට ගන්නා ලද පිරිස් හා යාත්‍රා සෙනසුරාදා කාසිමේඩු ධීවර වරාය වෙත ගෙන එන ලදී. වරාය පොලිසිය වෙත භාර දෙන ලද ධීවර පිරිස දැන් රිමාන්ඩ් කර තිබේ.  තමිල්නාඩු වෙරළට නාවික සැතපුම් 150ක් දුරින් මුහුදේ මසුන් අල්ලමින් සිටි මේ බෝට්ටුවල තිබී මාළු කිලෝග්‍රෑම් 6600ක් අත්අඩංගුවට ගන්නා ලදී. මෙම බෝට්ටුවල සිටින තැන හඳුනා ගැනීමේ හා අධි තාක්ෂණික සන්නිවේදන උපකරණ තිබී ඇත. මේ වසර තුළදී ඉන්දීය මුහුදු සීමාවේ මසුන් ඇල්ලුවේ ය යන ලාංකික බෝට්ටු 106ක් හා ධීවරයන් 553ක් අත්අඩංගුවට ගන්නා ලද බව ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා නිලධාරි රාජේන්ද්‍ර නාත් පවසයි. මෙම බෝට්ටු අතරින් 130ක් සහ ධීවරයන් 547ක් ආපසු ලංකාවට එවා ඇත. බෝට්ටු 40ක් තවමත් කාසිමේඩු වරායේ ඇත. 

නිදහස් මාධ්‍ය සංස්කෘතියක සරත් ඍතුව

Image
(නොවැම්බර් 29 - W3Lanka ) විපක්ෂයේ ජනාධිපති පොදු අපේක්ෂක සරත් (2009 ෆොන්සේකා මේ මල් මාලයක් පළන්දන්නේ නීතිඥයකුටයි. ෆොන්සේකා පළමු වරට තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කළ ජාතික නීතිඥ සංගම් රැස්වීමෙහිදී ෆොන්සේකා විසින් පළඳවන ලද මල් මාලයට ආවරණය වී සැඟවී සිටින මේ නීතිඥ මහතා නිකම් ම නිකම් නැසී ගිය නීතිඥයකු නොව පසුගිය ජනවාරියේදී තිරිසන් අන්දමින් මහ මග ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගයි.  පුවත්පත් මණ්ඩල පනත ඇතුළු මර්දනකාරී නීති අහෝසි කර නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා ඔහුට සහාය දක්වන ලක්ෂ සමග ගිවිසගෙන ඇති බව වාර්තා වේ.   

අඩු මිළ බඩු ගන්න ජනතාව නුගේගොඩ පැත්තේ ගෙයක් සොයති

Image
(2009 නොවැම්බර් 29 - W3Lanka ) ආනයන බදු අඩු කර ඡන්දය වෙනුවෙන් පාරිභෝගිකයන්ට මිළ අඩු කර දුන් බඩු ඇත්තේ ලක් සතොසේ පමණි. සීනි, ළූනු, පරිප්පු, ටින් මාළු වැනි අත්‍යවශ්‍ය යයි කියන භාණ්ඩ 10ක ආනයන බදු පහත හෙළීමට රජය පසුගියදා පියවර ගත්තේ ය. එහෙත් පෞද්ගලික වෙළෙන්දන්ගේ බඩු මිළ තවමත් නියම කරන ලද මිළ ගණන්වලට වඩා 50%කටත් වඩා අධික ය. මෙයට හේතුව ලෙස දැක්වෙන්නේ පිටකොටුවේ තොග වෙළඳපොළෙහි මිළ ගණන් පහත නො වැටීමයි. තව ම තිබෙන්නේ කලින් ගෙන්වූ භාණ්ඩ තොග බැවින් ඒවායේ මිළ අඩු කළහොත් තමන්ට පාඩු සිදු වන බව වෙළෙන්දෝ කියති.  එහෙත් යම් තත්වයක් මත ආණ්ඩුව කිසියම් ආනයන බද්දක් වැඩි කළා නම් පසුදා සිට ම පිටකොටුවේ තොග මිළ ඉහළ යයි.  මේ අතර, මිළ අඩු කළ බඩු ගන්නට ජනතාව දැන් නුගේගොඩ ජම්බුගස්මුල්ල පැත්තේ ගෙදරක් සොයමින් සිටින බව වාර්තා වේ.

නැගෙනහිර බැසිල්කරණය අතේ පත්තු වේ. පිල්ලෛයන් මහින්දට සපෝට් නැහැ!

Image
(2009 නොවැම්බර් 29 - W3Lanka ) රාජපක්ෂ පවුල විසින් බැසිල් රාජපක්ෂ හා ආණ්ඩුකාර හිටපු නාවික හමුදා නිලධාරි මොහාන් විජේවික්‍රම හරහා පවත්වාගෙන යන පළාත්සභාව අභිභවා රෙජිමේ ආධිපත්‍යය පැතිරවීමේ ක්‍රියාමාර්ගය අතේ පත්තු වී තිබේ.  නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ නායකත්වයෙන් සිකුරාදා රැස් වූ දෙමළ මහජන විමුක්ති කොටි හෙවත් TMVP දේශපාලන මණ්ඩලය 15න් 13ක් ලෙස ඡන්දය දෙමින් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහාය නො දීමට තීරණය කර තිබේ.  රාජපක්ෂ ආණ්ඩුව නැගෙනහිර පළාත් සභාව පිහිටවූ දා සිට ම නැගෙනහිර මහ ඇමති පිල්ලෛයන්ගේ බලතල පාලනය කළ අතර, නැගෙනහිර පළා‍තේ සංවර්ධන කටයුතුවලදී හා රැකියා දීම් ආදී කාර්යයන්හිදී ඔහු කොණ් කරන ලදී. පසුගිය වසර එකහමාරක කාලය තුළ තමනට වැඩක් කිරීමට නො හැකි වූ නිසා ජනතාව අතරට යා නො හැකි බව දැන් TMVP පවසයි. කොටි සංවිධානයෙන් බිඳී අතුරු හමුදාවක් ලෙස ක්‍රියාත්මක වී පසුව ගොඩනැඟුණු TMVP පක්ෂය ඇමති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යොදවා අභ්‍යන්තර අර්බුද ඇති කොට බිඳ දමන ලද අතර පිල්ලෛයන්ගේ පෞද්ගලික ලේකම් පවා කොළඹ ආසන්නයේදී ඝාතනය කරන ලදී. මේ අතර,...

ලාංකිකයන්ට රුසියානු ගැහැනියකගෙන් පාඩමක්

Image
(2009 නොවැම්බර් 29 - W3Lanka ) මා පෙනී සිටින්නේ ජාතික සංස්කෘතීන් ආරක්ෂා කිරීමේ මතවාද වෙනුවෙනුයි. සෑම ජාතියක් ම තමන්ට ආවේණික වූ මතවාද රැකගත යුතුයි. නමුත් ගෝලීයකරණය පිටුදැකිය යුතු කරුණක් නොවෙයි. වර්තමානයේ මුළු මානව සංහතිය ම එක තැනක් කරා යන බවක් පෙනෙනවා. එහෙත්, මුළු ලෝකයේ ම සිටින ජන කොට්ඨාශ එක ම විදිහට කන්න අඳින්න සිතන්න පතන්න අඳින්න පළඳින්න ගත්තොත් ලෝකයේ ජීවත්වීම ඒකාකාරී වෙනවා. නීරස වෙනවා. සියල්ල රැකෙන්නේ ජාතීන් සිය අනන්‍යතාව රැකගැනීම මතයි. මම රුසියානු ජාතිකයෙක්. අපේ රට වෙනස්. අපේ කතා බහ වෙනස්. ඇයි අපට මේ රටට එන්න හිතෙන්නේ. මේ වෙනස දකින්නයි. වෙනස අත්දකින්නයි. අපි මේ රටට එන්නේ ලෝකයේ වෙනස් වූ සුන්දරත්වය හා විචිත්‍රත්වය දකින්නයි. ඒ විචිත්‍රත්වය රැකගත යුතුයි. අප සංචාරයට පෙලැඹෙන්නේ ඒවා දකින්න අවශ්‍ය නිසයි. ඒ ඒ සංස්කෘතීන් සහ අනන්‍යතා තවමත් රැකී තියෙන නිසා ඒවා අත්විඳීමට අප එනවා. එනිසා ඒවා රැකගත යුතුයි. මෙහිදී මට තවත් යමක් කීමට තියෙනවා. මගේ අදහසේ හැටියට මෙරට වැසියන් හා රුසියානු ජනතාව අතර පොදු වූ බොහෝ දේ තිබෙනවා. එනිසා අපේ ජාතීන් අතර කිට්ටු සම්බන්ධතාවක් සහ සංස්කෘතික හර කෙරෙහි සැලකිලිමත...

මාධ්‍යයට තර්ජන එල්ල කළේ පාතාලය සහ කුඩුකාරයින් සමග සම්බන්ධතා පැවැත්වු අය - සරත්

Image
(2009 නොවැම්බර් 28 - W3Lanka ) පොදු අපේෂකයා එජාපය‍ට ජවිපෙට සීමා වූවෙකු නොවන අතර ඔහු ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්‍ෂයටත් පොදු බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක සරත් ෆොන්ස්කා සිරස මාධ්‍ය ජාලය ඔස්සේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී ප‍්‍රකාශ කළේය. යුද සමයේදී මාධ්‍යයට එල්ල වුණ තර්ජන සම්බන්ධයෙන් දැන් ආණ්ඩුව හමුදාවට ඇඟිල්ල දික් කිරීමේ උත්සහයක් තිබෙන බව ද ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන්නට තිබුණේ එම වකවානුවේ බව ද තමා හමුදාපතිව සිටියදී සියලූ කටයුතු සිදු කළේ හමුදා සෙබළුන්ගේ සහාය ඇතිව බව ද ඔවුන් ඉතා විනය ගරුක ලෙස කටයුතු කළ අතර මාධ්‍ය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් හමුදාවට ඇඟිල්ල දික් කිරීම හමුදාවටත් පොදුවේ හමුදා සෙබළුන්ටත් කරන අපහාසයක් බව ද ඔහු පැවැසීය. පසුගිය කාලයේ පිස්තෝල දික් කරමින් මාධ්‍යයට තර්ජන එල්ල කළේ පාතාලය සහ කුඩුකාරයින් සමග සම්බන්ධතා පැවැත්වු අය මිස හමුදාවේ සමාජිකයන් නොවන බව ජනතාව පැහැදිලිව දුටුවේ යැයිද කීයග ෆොන්සේකා මෙසේද පැවැසීය. "මුදල් වංචාවන් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන්න යන බව පවසනවා. යුධ සමයේදී පිටරටින් ආයුධ ගෙන්වීම සම්බන්ධයෙන් මූලිකත්වය ගෙන කටයුතු කළේ ආරක්‍ෂක ලේකම්වරයායි. ම...

රජුන්, ජනරාල්වරුන් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් තනමු

Image
අජිත් පැරකුම් ජයසිංහ - විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම හා 17වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක කිරීම වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමට ඉවහල් වන හා යහපාලනය හා සම්බන්ධ ජනතා බලාපොරොත්තුවල අපේක්ෂකයකු ලෙස චිත‍්‍රනය කිරීමට විපක්ෂය පියවර ගනිමින් සිටිද්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එම පොරොන්දු සිය දෙවන ධුර කාලය තුළදී සපුරන බවට නැවතත් පොරොන්දු නිකුත් කරන්නට පටන් ගෙන ඇත. පාර්ලිමේන්තුවට බලය ලැබෙන සේ වත්මන් ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ක‍්‍රමවේදයක් තමන් සතුව ඇතැයි  ද දෙවැනි වරටත් රාජ්‍ය නායක පදවියට පත් වී එම සැලැස්ම හා ක‍්‍රමවේදය ප‍්‍රකාශයට පත් කරන බවද ජනාධිපතිවරයා විද්‍යුත් හා මුද‍්‍රිත මාධ්‍ය ප‍්‍රධානීන් අමතා පැවසී ය. මේ පිළිබඳව 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ලද මහින්ද චින්තන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සඳහන් වන්නේ මෙසේ ය. විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප‍‍්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජනාධිපතිවරයා නිල මට...

W3Lanka හොඳම කාලීන හා සමාජීය බ්ලොග් අඩවිය වූ වගයි.....

Image
කොළඹ රාජකීය විද්‍යාලයීය සිංහල භාෂා හා සාහිත්‍ය ඒකකය විසින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනයේ පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වනු ලැබූ සිංහල බ්ලොග්කරණ තරගාවලියේදී හොඳම කාලීන හා සමාජයීය බ්ලොග් අඩවිය ලෙස W3Lanka ‍සම්මාන දිනූ බව නිහතමානී සතුටින් දැනුම් දෙමු.   අප සිංහල ඊ-අන්තර්ගතයන් නිර්මාණය ආරම්භ කළේ සම්මාන බලාගෙන නොව, කාලීන සමාජ-දේශපාලන සිදුවීම් පිළිබඳ ගතානුගතික ඇසින් වෙනුවට ජනතාවාදී විකල්ප නෙතකින් ද බැලීමට සමාජය උනන්දු කරන්නයි.  අපට ලැබුණු සම්මානය අප දිරි ගැන්වීමක්. දිගට ම අප සමග රැඳෙන්න.

සුද්දාගේ පොදු රාජ්‍ය මණ්ඩල ගෙට් ටුගෙදර් එක ලංකාවේ තියන්න ගොස් ලංකාව පස්ස බිම ඇණ ගනියි ද?

Image
(2009 නොවැම්බර් 27 - W3Lanka ) බ්‍රිතාන්‍යයේ පැරණි යටත් විජිත ව සිටි රාජ්‍ය 53ක සහභාගිත්වයෙන් අද දින බටහිර ඉන්දීය දූපත් රාජ්‍යයක් වන ට්‍රිනිඩෑඩ්හිදී ආරම්භ වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේදී 2011දී පැවැත්වෙන මීළඟ සමුළුව ලංකාවේදී පවත්වන ලෙස එයට සහභාගි වන අගමැති රත්නසිරි වික්‍රමනායක ඉල්ලා සිටීමට නියමිත බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.  එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලයේ තීරක බලවේගයක් වන පැරණි යටත් විජිත හාම්පුතා වන බ්‍රිතාන්‍යය ලංකාවේ මෙම යෝජනාවට එක හෙළා විරුද්ධ වීමට යන බව ජාත්‍යන්තර ජනමාධ්‍ය අද වාර්තා කළේය. හේතුව යුද්ධයේ අවසන් අදියරේදී ලංකාවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයෙන් සිවිල් වැසියන්ට සිදු වූ හානි ය.  යම් රටක මෙම සමුළුව පැවැත්වීම ඒ රටට ජාත්‍යන්තර දේශපාලනයේදී 'නම්බුවකි'. ලංකාවේ බටහිර විරෝධී, දේශප්‍රේමී, ජාතිකවාදී පාලකයෝ හා ඔවුන් නියෝජනය කරන වීරයකු වන අගමැති රත්නසිරි වික්‍රමනායකට ද මේ යටත් විජිත හාම්පුතා පවත්වන ගෙට් ටුගෙදර් එක හෙවත් සුහද හමුව ආඩම්බරයක් වී ඇති බව පෙනේ. එහෙත් දැන් බලන විට සිදු වන්නට යන්නේ වෙන අලකලංචියකි. ලංකාවේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවැත්වීමට නම් බ්‍රි...

අහෝ නන්දන දකියි මොක් පුර; 108වන ඇමති නන්දන

Image
(2009 නොවැම්බර් 27 - W3Lanka ) ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වීම නිසා ඇමති ශීර්ෂය අචල සුරංග ජාගොඩට දන් දෙන්නට සිදු වූ නන්දන ගුණතිලක කෙරෙහි කරුණා පෙරදැරිව ඔහුට ගොඩපිටියේ බෝම්බයෙන් බරපතල තුවාල ලැබ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටින ඇමති මහින්ද විජේසේකරගේ අමාත්‍යංශ‍යේ වැඩ බැලීම පැවරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ.  ඒ අනුව දැන් නන්දන වැඩ බලන තැපැල් හා විදුලි සංදේශ ඇමති ය. ඒ අනුව දැන් ඇමති සංඛ්‍යාව මෙසේයි: කැබිනට් අමතිවරු 50යි වැඩබලන ඇමතිවරු 01යි කැබිනට් නො වන ඇමතිවරු 38යි නියෝජ්‍ය ඇමතිවරු 19යි එකතුව 108යි  නන්දන ගුණතිලක හා ඔහුගේ හිටපු මිතුරා වන විමල් වීරවංහ ජනතා විමුක්ති පෙරමුණේ සිටියදී මෙවැනි විශාල ඇමති මණ්ඩල පිළිබඳව ගැඹුරින් අදහස් ඉදිරිපත් කළ අය වෙති. .

පොදුම පොදු අපේක්‍ෂකයා මං - ජනාධිපති; රනිල්ගේ අනා ගත් අභියෝගයටත් හිනා වෙයි

Image
(2009 නොවැම්බර් 27 - W3Lanka ) සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා නම් තමන්පොදුම පොදු අපේක්‍ෂකයා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ මුද්‍රිත සහ විද්යුත් මාධ්‍ය ප්‍රවෘත්ති කර්තෘවරුන් සහ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරුන් සමග අරලියගහ මන්දිරයේදී පැවැති හමුවේදී පැවසීය. තවද, ඉදිරි ජනාධිපතිවරණය සඳහා ද මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය ම ඉදිරිපත් කෙරෙන බව ද ඔහු පැවසී ය.  "මහින්ද චින්තනයෙන් ඉදිරිපත් කළ කරුණු 611 න් 450 ක්‌ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර තිබෙනවා. අනෙක්‌ කරුණුත් ක්‍රියාත්මක කිරීම සඳහා ආරම්භ කර තිබෙනවා," යි පැවසූ ජනාධිපතිවරයා එය සකස්‌ කළේත් මුද්‍රණය කළේත් රාජ්‍ය නොවන සංවිධාන නොව තමන් ම බව කියමින් රනිල් වික්‍රමසිංහ විසින් මෑතදී පළ කරන ලද 'අනාගත අභියෝග' පොත නම නො කියා උපහාසයට ලක කළේ ය.   'අනාගත අභියෝග' නම් පිටු 32ක පොතෙහි පිටපත් දස ලක්ෂයක් මුද්‍රණය කර තිබෙන අතර, එහි බරපැන දරා ඇත්තේ ෆ්‍රෙඩ්රික් නියුමාන් පදනම නම් රාජ්‍ය නොවන සංවිධානයක් බව හෙළිදරව්...

සරත් 30දා වේදිකාවට

Image
(2009 නොවැම්බර් 27 - W3Lanka ) ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා මැතිවරණ වේදිකාවෙන් දොරට වැඩීම 30දා හෙවත් අඟහරුවාදා සිදු වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙම දොරට වැඩීම සිදු වන්නේ එදින පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකදී ය.  මෙම රැස්වීම නුගේගොඩ නගර මධ්‍යයේ ආනන්ද සමරකෝන් එළිමහන් වේදිකාවේදී පැවැත්වීම සඳහා සූදානම් කර තිබේ. මෙම රැස්වීමෙන් පසුව එක්සත් ජාතික පෙරමුණ විසින් ද රැළියක් පැවැත්වීම සඳහා දැන් කටයුතු සූදානම් කෙරෙමින් තිබේ.

දැන් බලනකොට සරත් ෆොන්සේකා‍ත් කොටියෙක්නෙ!

Image
(2009 නොවැම්බර් 27 - W3Lanka )  කොටි සංවිධානය කෲර‍ ලෙස මර්දනය කිරීම සඳහා මුල් වූ පුද්ගලයන් අතරින් එක් අයෙකු වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව ද ඔහු කොටි අතකොළුවක් ය යන කෝකටත් තෛලය පාවිච්චි කිරීමට ආණ්ඩුව සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.  සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරය කොටි සංවිධානයේ උවමනාවන් ඉටු කිරීමට ඉවහල් වන බව පෙන්වා දීම ආණ්ඩුවේ අරමුණ වී තිබේ.  නිදසුනක් ලෙස අද දිනමිණ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වන විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම පවසන්නේ මෙසේ ය. විපක්ෂය යම් යම් ජාත්‍යන්තර බලවේගවල අතකොළු වෙලා. මෙහිදී ඔවුන් පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නෙවෙයි. විදේශ රටවල් වෙනුවෙනුත් නෙවෙයි, ඔය රටවල තියෙන කොටි සංවිධාන විසින් තමයි අද විපක්ෂය මෙහෙයවන්නේ. මේ බලවේග සමහර රටවලට බලපෑම් කරනවා. විපක්ෂයේ සමහර දේශපාලනඥයෝ ඔය විදියේ බලවේගවල නියෝජිතයන් ලෙස ක්‍රියාකරනවා.  මේ ගැන ජනතාව දැනුවත් විය යුතුයි. විදේශ ඇමැතිවරයා හැටියට ඔය අදිසි හස්ත ක්‍රියාත්මක වන හැටි මම දකිනවා. ඇත්තටම ඒවායේ ක්‍රියාකාරිත්වය එකවර බාහිරයට පෙනෙන්නේ නෑ. නමුත්, එක්වරම කොහේවත් නැති අය ම...

පංති කාමරය ගිනි තැබූ කන්තලේ සිසුවා වීරයෙක් ද?

Image
(2009 නොවැම්බර් 27 - W3Lanka ) කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලේ පන්ති කාමරයකට ගිනි තබා එහි තිබූ තවත් භාණ්ඩ කීපයකට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට එම විද්‍යාලයේ ශිෂ්‍යයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  මෙම පුවත කෙරෙහි අවධානය යොමු කරන විට එක් උපමා කතාවක් සිහි වේ. එහි ළමයකුට පංති කාමරයකදී හදිසියේ නින්ද යයි. ඔහු අවදි වන්නේ වසර පනහකිනි. වටපිට බලන ඔහු දකින්නේ ඔහු වටා ඇති සියලු දේ වෙනස් වී ඇති බවයි. වෙනස් වී නොමැති එකම දෙය පංති කාමරයයි.  කන්තලේ පමණක් නොව කොළඹ ද පාසල්වල තවමත් තිබෙන්නේ මීට වසර සියයකට පමණ ඉහතදී පැවති පංති කාමරය ම වේ. ඩෙස්, පුටු, කළු ලෑලි, හුණු කූරු, නම් පොත් ආදී පැරණි භාණ්ඩ තව ටිකක් බාල වී තිබීම හැර කිසිදු වෙනසක් සිදු වී නැත. ඇතැම් ජනප්‍රිය පාසල්වල පංති කාමරවල තදබදය කෙතරම් ද යත් ඒවා සන්නස්ගල සර්ගේ අපේ සිංහල පංතිය වැනි වේ. දමහර පංතිවල සිසුන් 60කටත් වඩා සිටිති. ගුරුවරයාට ළමයකුගේ අභ්‍යාසයක් බැලීමට විනාඩියක් ගත වේ නම් පොත් ටික බැලීමට පමණක් පැයක් අවශ්‍ය වේ. එහෙත් එක් කාල පරිච්ඡෙදයකට ඇත්තේ විනාඩි 40කි. පොත් බැලීම තිබියදී පංතියේ එහා මෙහා ගමන් කිරීමටවත් බැරි තරමට ළමයි පිරී ඇත. එක ප...

ඇමති මණ්ඩලය කප්පාදු කරන බව ආරංචි වී ඇමතිවරු කලබලයට පත් වෙති

Image
(2009 නොවැම්බර් 27 - W3Lanka ) සියයකට අධික ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට අධික පිරිවැයක් දරන්නට මහජනයාට සිදු වීම හේතුවෙන් නැගෙමින් පවතින විරෝධය ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට අවාසිදායක වීම හේතුවෙන් මහ මැතිවරණයෙන් පසු ඇමැති මණ්ඩලය අඩුකිරීමට තමන් සූදානම් බව දැන් ජනාධිපතිවරයා පවසයි.  එහෙත් එම ප්‍රකාශයත් සමග එවැනි අලුත් ආණ්ඩුවක ඇමතිකමක් සඳහා කේවෙල් කිරීමට සුදුසුකමක් හෝ ජනාධිපතිවරයා වෙත සමීපකමක් හෝ නැති බොහෝ ඇමතිවරුන් කලබලයට පත්ව ඇති බව ද, එක්සත් ජාතික පක්ෂයට පැන ගතහොත් ඊට වඩා තැනක් ලබා ගත හැකි වනු ඇතැයි සිතමින් සිටින බව ද වාර්තා වේ.  තමාට ලැබුණේ පාර්ලිමේන්තුවේ කථානායකවරයකු පත් කර ගත නොහැකි තරම් දුර්වල ආණ්ඩුවක් බව ද  ත්‍රස්තවාදය පරාජය කොට ඒකීය රටක් බිහිකිරීමේ තම ඉලක්කය දිනකින් හෝ කල් දැමිය නොහැකි බැවින් විවිධ පක්‍ෂ එකතු කරගෙන ආණ්ඩුව ස්ථාවර කර ගත්තේ යැයි ද ජනාධිපතිවරයා මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරුන් හා ප්‍රවෘත්ති කර්තෘවරුන් අරලියගහ මන්දිරයේදී ඊයේ (26) හමුවූ අවස්ථාවේදී පැවසී ය.  එහෙත් ඇමති සංඛ්‍යාව වැඩි කිරීම සාධාරණය කරමින් ඇමැතිවරයකුට ලැබෙන අම...

සරත්ගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයෙන් නිකුත් කරන ලද හජ් පණිවුඩය

Image
(2009 නොවැම්බර් 26 - W3Lanka ) ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාගේ ජනාධිපතිවරණ ප‍්‍රධාන සම්බන්ධීකාරක කාර්යාලය කොළම 07, අංක 3/1, රාජකීය මාවතේ ආරම්භ කර තිබේ.  එම කාර්යාලය විසින් නොවැම්බර් 28දාට යෙදෙන හජ්ජි උත්සවය වෙනුවෙන් සරත් ෆොන්සේකාගේ පණිවුඩයක් ද නිකුත් කර තිබේ. නිල ඇඳුමෙන් සැරසුණ සරත් ෆොන්සේකාගේ රූපයක් සහිත මෙම නිවේදනයේ ඔහු අත්සන් තබා ඇත්තේ ජෙනරාල් සරත් ෆොන්සේකා, හිටපු ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි ලෙස වීම කැපී පෙනෙන ලක්ෂණයකි. 'උතුරු නැගෙනහිර ජීවත් වන මුස්ලිම් සහෝදරවරුන්ට නිදහසේ තම ආගමික කටයුතු ඉටු කර ගැනීමට හැකි වාතාවරණයක් ඇතිකරලීමට ආරක්‍ෂක හමුදාවන්ට හැකිවීම ගැන මම සතුටට පත් වෙමි' යි පවසන ෆොන්සේකා වරක් හජ් වන්දනාව සඳහා යමින් සිටි මුස්ලිම් බැතිමතුන්ව නැගෙනහිර දී ඝාතනය කර දැමීම මේ අවස්ථාවේ මතකයට නැඟෙන පව ද එකතු කරයි.  මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වූ කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි කරුණා අම්මාන් දැන් ආණ්ඩුවේ ඇමතිවරයෙකි. 'වසර 20 කට පෙර උතුරෙන් පළවා හරින ලද මුස්ලිම් සහෝදරවරුන් තවමත් සරණාගත කඳවුරුවල සිට මෙම උතුම් උත්සවය සැමරීමට සිදු වීම කණගා...

ප්‍රකාශනයේ නිදහස අවුරන රහස් පොලිස් තැත අධිකරණය වැළැක්වූ හැටි

Image
(2009 නොවැම්බර් 26 - W3Lanka ) ලංකා ඉතිහාසයේ මෑත යුගයේ වැඩියෙන් සලකුණු වී ඇත්තේ ප්‍රකාශනයේ හා ජනමාධ්‍ය නිදහස අවුරන ක්‍රියාමාර්ග පිළිබඳවයි. 2005 සිට මේ දක්වා කාලය තුළ ජනමාධ්‍යවේදීන්රැසක් මරා දමා තවත් රැසකට විවිධ තාඩන පීඩන පමුණුවා තවත් රැසකට රටින් පළා යන්නට සිදු වන හෝ අතිශය බියෙන් වචන හසුරුවන්නට සිදු වන තත්වයක් නිර්මානය කර තිබුණ ද මාධ්‍ය නිදහසට එරෙහි අපරාධ කළවුන්ට එරෙහිව ගනු ලැබූ කිසිදු අධිකරණ ක්‍රියාමාර්ගයක් පිළිබඳ මෑත ඉතිහාසයේ වාර්තා වූයේ නැත. පසුගිය දිනෙක අධිකරණය හමුවට ගිය රහස් පොලිසිය අපූරු ඉල්ලීමක් කළේ ය. එනම් සාලින්ද දිසානායක ඇමති පොලිසියට කළ බලපෑමක් පිළිබඳ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක තොරතුරු ලබා ගත් මූලාශ්‍රය හෙළි කරන්නැයි එම වෙබ් අඩවියේ හිමිකරුට නියෝග කරන ලෙස ඉල්ලා ය.  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි එය ප්‍රතික්ෂේප කළේ ය.  ලංකා ඊ නිව්ස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් වන මංජුල පතිරාජ සහ ගුණරත්න වීරකෝන් පෙන්වා දුන්නේ තොරතුරු මූලාශ්‍ර හෙළි කිරීම මාධ්‍ය ආචාර ධර්මවලට පටහැණි බවයි. එසේ ම එය ආණ්ඩු කුම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන තොරතුරු දැන ගැනීම...

වසර 2100 වන විට කොළඹ වතුර යට

Image
(2009 නොවැම්බර් 26 - W3Lanka ) පාරිසරික විද්‍යාඥයන් 26දෙනෙකු විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන පරිදි 2007 දී නිගමනයකර තිබූ ප්‍රමාණයට වඩා දෙගුණයක වේගයකින් මිහිතලය උණුසුම් වන අතර වසර 2100 වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 7කිනුත්, මුහුදු මට්ටම මීටරයකට වඩා වැඩි ප්‍රමාණයකිනුත් ඉහළ යනු ඇත. ග්‍රීන්ලන්තයේ සහ ඇන්ටාක්ටිකාවේ අයිස් කඳු කලින් සිතුවාට වඩා වේගයෙන් දිය වෙමින් ඇති අතර මුහුදු මට්ටම 1995 සිට වසරකටමිලිමීටර 3.4කින් ඉහළ යමින් ඇති බව වාර්තාව පෙන්වා දෙයි.  රටවල් 190කට වැඩි ගණනක සහභාගිතවයෙන් දෙසැම්බර් 7දා සිට 16දා දක්වා කෝපන්හේගන්හිදී පැවැත්වීමට නියමිත ජගත් පාරිසරික සමුළුවේදී හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමට අදාළ ගිවිසුමක් සඳහා එකඟතාව ඇති කර ගැනීමට බලාපොරොත්තු වේ.

අහෝ නන්දන නොදුටි මොක් පුර

Image
(2009 නොවැම්බර් 26 - W3Lanka ) ජනතා විමුක්ති පෙරමුණෙන් බිඳී ඇවිත් පසුව ජනතා නිදහස් පෙරමුණ බිහි කිරීමට දායක වී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ සංචාරක ඇමති ලෙස කෙටි කලක් කටයුතු කළ නන්දන ගුණතිලක ජනතා නිදහස් පෙරමුණෙන් ඉල්ලා අස් වීම හේතුවෙන් ඔහුගේ ඇමති පදවියට ද තට්ටු විය.  ජානිපෙ නායක විමල් වීරවංශගේ බලපෑම මත ජනාධිපතිවරයා විසින් නන්දනගෙන් ගලවා ගත් ඇමති ධුරයෙහි විමල්ගේ හිතවත් ම මන්ත්‍රීවරයකු වන අචල සුරංග ජාගොඩ අද දිවුරුම් දීමට නියමිත ය.  මේ අතර, දැනට කැබිනට් නො වන සංස්කෘතික ඇමති ධුරය හොබවන පියසිරි විජේනායක ද සංචාරක ඇමති ධුරය බලාපොරොත්තු වුණ ද විමල් වීරවංශ එය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.  ජානිපෙන් ඉල්ලා අස් වූ නන්දන ගුණතිලක පානදුරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය බලාපොරොත්තු වූ මුත් එය ද ලැබුණේ නැත.

ප්‍රභාකරන් හිටියා නම් අදට 55යි

Image
(2009 නොවැම්බර් 26 - W3Lanka ) නැසී ගිය කොටි නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන්ගේ 55වන උපන් දිනය අදයි.  ඔහු රජයේ සේවයේ සිටියා නම් අද විශ්‍රාම යා යුතු ය. එහෙත් දේශපාලකයන්ට එවැනි විශ්‍රාම යන දිනයක් නැත. ඔහු දේශපාලකයකුටත් වඩා කැරළි නායකයෙකි. දේශපාලන අරමුණු සඳහා ත්‍රස්තවාදය පාවිච්චි කළ නායකයන් අතරින් එක් අයෙකි. පසුගිය වසරේ ඔහු සිය උපන් දින සැමරුම සඳහා වූ උත්සව අවලංගු කළේ ය. හේතුව ප්‍රකාශයට පත් නො කරන ලද මුත්, ඒ වන විට කිලිනොච්චි නගරය රජයේ හමුදා අතට පත් වන්නට ආසන්න වී තිබිණි. එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවසුවේ ඒ ප්‍රභාකරන්ගේ අවසන් උපන් දිනය බවයි.  නොවැම්බරයේ උපන් මහින්ද රාජපක්ෂ නොවැම්බරයේ උපන් ප්‍රභාකරන්ගේ ජීවිතය අවසන් කළේ ය.  හෙට දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ මහ විරු දිනයයි. මේ වනාහි ප්‍රභාකරන් නැති ලෝකයක සැමරෙන හෝ නො සැමරෙන පළමු මහවිරු දිනයයි.

අප කෑ පරිප්පුව තොපත් කත්වා යයි යාපනයේ ජනයා කියති

Image
(2009 නොවැම්බර් 26 - W3Lanka ) ජනමාධ්‍යකරුවන් පිරිසක් විසින් පසුගියදා යාපනයේ පවත්වන ලද ජනමත සමීක්ෂණයකින් අපූරු ප්‍රතිඵලයක් ලැබී ඇත. ඒ අනුව, යාපනයේ ජනතාවගෙන් අති බහුතරයක් හෙවත් 70%ක් පමණ ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නට යන්නේ හිටපු හමුදාපකි ජනරාල් සරත් ෆොන්සේකාටයි.  මෙම ප්‍රතිඵලය හා සම්බන්ධව අසන්නට ලැබුණු රසවත් ම තොරතුර ඇත්තේ යාපනයේ ජනතාව හමුදාපති සරත් ෆොන්සේකාට කැමැත්තක් දක්වන්නට ඇති හේතු තුළයි. සමීක්ෂණයට භාජනය වූ පුද්ගලයන් අතරින් මතු වූ අදහසක් වන්නේ යාපනයේ ජනතාව දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ හමුදා පාලනයක් තුළ ජීවත් වන නිසා එම තත්වය දකුණේ ජනතාව ද අත් විඳිනවාට ඔවුන් කැමැත්තක් දක්වන බවයි. අප පාඨකයකු විසින් වාර්තා කරන ලද මෙම තොරතුරෙහි සත්‍ය අසත්‍යභාවය අපට තහවුරු කළ නො හැකි ය. එහෙත් අප එය මෙහි පළ කරන්නේ හේතුවක් ඇතිවයි.  මෙය හුදු ප්‍රබන්ධයක් හෝ නූතන ජන කතාවක් හෙවත් යාන් එකක් වුණත් මෙහි ඇති ගැඹුර කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතු ය. යාපනයේ ජනයා ජීවත් වූයේ එළිමහන් සිරකඳවුරක බව අප බොහෝ දෙනෙක් දැන සිටියේ නැත. දැනගත්තත්, ඒ ගැන කරදර වන්නට දකුණේ ජනතාවට උවමනාවක්, උනන්දුවක් තිබුණේ නැත...

ජනරාල්ගේ ආරක්ෂක විධිවිධාන හරහා මේ ඇරඹෙන්නේ යහපාලනය ද?

Image
(2009 නොවැම්බර් 25 - W3Lanka ) හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ආරක්ෂාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ‍ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වන ආකාරයට ඔහු ඉල්ලා ඇති ආරක්ෂක විධිවිධාන අතර ආරක්‍ෂක භටයන් 600ක්, ආරක්‍ෂක රථ 10ක් සහ වෙඩි නොවදින රථ දෙකක් ඇති බව  වාර්තා වේ.  තම ජීවිතය තිබෙන තුරුම මරණ තර්ජන පවතින බවත් ආරක්‍ෂක ලේකම්, වත්මන් හමුදාපති, හිටපු නාවික හමුදාපති ඇතුළු බොහෝ දෙනකුට සපයා ඇති ආරක්‍ෂාව සමඟ සලකා බලන විට තමාට ලබා දී ඇති ආරක්‍ෂාව කොහෙත්ම ප්‍රමාණවත් නොමැති බවත් පවසන හේ  ආරක්ෂාව සඳහා අඩුම වශයෙන් 600 ක පමණ ආරක්‍ෂක නිලධාරීන් කණ්‌ඩායමක්‌ තමාට අවශ්‍ය බව ඔහු කියයි. කොටි සංවිධානය නොවන වෙනත්බලවේගවලින් ද තමන්ට මරණ තර්ජන ඇති බව ෆොන්සේකා මීට ඉහතදී මාධ්‍යවලට පැවසීය. මේ රටේ පසුගිය සමයේ සිදු වූ ඝාතන රැල්ල පිළිබඳ ඔහුට ඇති අවබෝධය නිසා ඔහු මෙසේ ආරක්ෂාව ඉල්ලා සිටීම සාධාරණ ය. ඔහු හා සමාන ජීවිත තර්ජන ඇති අයට මෙවැනි ආරක්ෂාවක් සපයා තිබේ.  කිසියම් ජ...

ඡන්දෙ ඉල්ලන්න ගෙදරට එන අයට නහය වසාගෙන දොර අරින්න; වෙන මුකුත් නිසා නෙමෙයි. සූකර උණ

Image
(2009 නොවැම්බර් 25 - W3Lanka ) ප්‍රකාශයට පත් කර තිබෙන ජනාධිපතිවරණය රටේ පැතිරී යමින් තිබෙන AH1N1 හෙවත් සූකර උණ වසංගතය තවත් ව්‍යාප්ත කිරීමට දායක විය හැකි බව නම සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.  මේ වන විට මෙම රෝගයේ ලක්ෂණ සහිත රෝගීන් දිවයින පුරා ම හම වෙමින් සිටින අතර විශේෂයෙන් ම මධ්‍යම පළාතේ සූකර උණ රෝග ලක්ෂණ සහිත රෝගීන් සිය ගණන් රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙති. අද වන විට මධ්‍යම පළාතේ AH1N1හේතුවෙන් සිදු වී යයි සැක කරන මරණ 13ක් වාර්තා වී ඇති අතර ඉන් හතරක් ඔප්පු වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීහු පවසති.  රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිණිස රජයේ පාසල් වසා දමන ලද මුත් මේ වන විටත් උසස් පෙළ ඇතුළු වෙනත් ටියුෂන් පන්ති සුපුරුදු පරිදි ම පැවැත්වේ. මෙම පංති සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ වාතාශ්‍රය හා වෙනත් පහසුකම් අවම ශාලාවලයි.  රටේ අතිශය ප්‍රගතිශීලී බුද්ධිමතුන් ලෙස බැබලීමට උත්සාහ කරන නමගිය ටියුෂන් මුදලාලිලා ද මෙසේ පංති පවත්වා ඇත. මේ අතර, ජනාධිපතිවරණ උණුසුමත් සමග දේශපාලන පක්ෂවලට සම්බන්ධ පිරිස් සෞඛ්‍යමය වශයෙන් අනාරක්ෂිත අන්දමින් ගමන් බිමන් යාම වැඩි වී තිබේ. ඡන්ද ඉල්ලා ගෙන්ගෙට යාම ර...