සැළලිහිණියා බිම!

(2009 දෙසැම්බර් 08 - W3Lanka) ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා අමුවෙන් ම යොදා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ජාතික රූපවාහිනිය ජනප්‍රියත්ව දර්ශකයන්ගේ පහළට රූටා යාමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රවෘත්ති හා ටෙලි නාට්‍යයක් විකාශය වන රාත්‍රී 8 සිට 9 දක්වා වූ පැය තුළ දැන්වීම් අදායම දිනකට රු. ලක්ෂ එකහමාරක් මට්ටම දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ. මීට පෙර මෙම පැයේ දැන්වීම් ආදායම රු. ලක්ෂ හය, හතක් වූ බව වාර්තා විය.





මේ අතර, මේ දිනවල දවස පුරා විකාශනය වන විවිධ ජනප්‍රිය පුද්ගලයන් අනියමින් මහින්දට ඡන්දය දෙන්නැයි කියන ඔහුගේ පුතාට හිමි රාජ්‍ය නොවන සංවිධානයක් වන තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ දැන්වීම් සඳහා රූපවාහිනියට මුදල් නො ලැබෙන බව ද වාර්තා වේ.


ආදායම් බිඳ වැටීමත් සමග මේ මාසයේ ලැබිය යුතු බෝනස් ලැබේදැයි සැකයක් රූපවාහිනී සංස්ථා සේවකයන් අතර පැතිරෙමින් තිබේ. 

-යුනියන්ස් ලංකා




Comments

  1. මහින්දයා දොයියන්නේ සැළලිහිණියාත් දොයි කරගෙනද?මහින්ද මාරයි මචං,කියලා වැඩක් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප