Posts

Showing posts with the label ජාතික රූපවාහිනී

මර්වින් සිල්වා ජනාධිපති වනතුරු | Until Mervin Becomes President

Image
( (2010 අගෝස්තු 11,  W3Lanka  -  මෙම සටහන 2007 දෙසැම්බර් අග හරියේදී ලියන ලද්දක් බව කරුණාවෙන් සලකන්න. කාලය විසින් තත්වයන් වෙනස් කර තිබේද යන්න තීරණය කිරීම ඔබට භාර ය.)  දුටුගැමුණු පරපුරෙන් පැවත එන, ගරු කම්කරු ඇමති ආචාර්ය මර්වින් සිල්වා යන නාමකරණය සමග ‛දුටුගැමුණු‛, ‛ගරු‛, ‛ කම්කරු ඇමති‛ හා ‛ආචාර්ය‛ යන පද සියල්ල ම අර්ථ ශුන්‍ය හිස් වචන බවට පත් වේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා භූමියේදී ආචාර්ය මර්වින් සිල්වා අවමානයට ලක් කළ පිරිසගෙන් අති බහුතරය 2004 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයටත්, 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂටත් ඡන්දය පාවිචිචි කළ අය බවට සැකයක් නැත. මර්වින්ට ඇන්න ටොකු එක අතකින් මර්වින් නමැති රූකඩය නටවන රාජපක්ෂ බල හවුලට ඇන්න ටොක්කක් වන අතර ම අනෙක් අතින් තම තමන්ටම ඇන ගත් ටොකු බව කිව යුතුව තිබේ. කෙසේ වෙතත්, පාලකයන්ගේ සපත්තු ලෙවකෑම බඩරස්සාව කර ගත් අධ්‍යක්ෂකලා සිටින රූපවාහිනියේදී මෙම දේශපාලක මැරවරයාට කදිම පාඩමක් ඉගැන්වූ රූපවාහිනී කම්කරුවන්ට අපි හිස නමා ආචාර කරමු. ආචාර්ය මර්වින් සිල්වා 2004 මහ මැතිවරණයට තරග කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙනි. එම මැතිවරණය...

සැළලිහිණියා බිම!

Image
(2009 දෙසැම්බර් 08 - W3Lanka ) ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා අමුවෙන් ම යොදා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ජාතික රූපවාහිනිය ජනප්‍රියත්ව දර්ශකයන්ගේ පහළට රූටා යාමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රවෘත්ති හා ටෙලි නාට්‍යයක් විකාශය වන රාත්‍රී 8 සිට 9 දක්වා වූ පැය තුළ දැන්වීම් අදායම දිනකට රු. ලක්ෂ එකහමාරක් මට්ටම දක්වා පහත වැටී ඇති බව වාර්තා වේ. මීට පෙර මෙම පැයේ දැන්වීම් ආදායම රු. ලක්ෂ හය, හතක් වූ බව වාර්තා විය. මේ අතර, මේ දිනවල දවස පුරා විකාශනය වන විවිධ ජනප්‍රිය පුද්ගලයන් අනියමින් මහින්දට ඡන්දය දෙන්නැයි කියන ඔහුගේ පුතාට හිමි රාජ්‍ය නොවන සංවිධානයක් වන තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ දැන්වීම් සඳහා රූපවාහිනියට මුදල් නො ලැබෙන බව ද වාර්තා වේ. ආදායම් බිඳ වැටීමත් සමග මේ මාසයේ ලැබිය යුතු බෝනස් ලැබේදැයි සැකයක් රූපවාහිනී සංස්ථා සේවකයන් අතර පැතිරෙමින් තිබේ.  -යුනියන්ස් ලංකා