රජයේ අලුත් ම නීති උපදේශක වීරවංශ ඊළඟ ආණ්ඩුවේ නීති ඇමති ද?


(2009 දෙසැම්බර් 22 - W3Lanka) නාධිපති මහින්ද රාජපක්ෂ ඡන්දය දිනුවොත් සහ ඊළඟ පාර්ලිමේන්තුව යටතේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අධිකරණ, නීති ප්‍රතිසංස්කරණ හා ව්‍යවස්ථා කටයුතු ඇමති පදවියට පත් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

ජනාධිපතිවරණය කැඳවීමෙන් පසු රජයට නීති උපදෙස් ලබා දීමේ ප්‍රමුඛයා වී ඇත්තේ වීරවංශ ය. ඔහුගේ නීති මොළය ඉදිරියේ නීතිය පිළිබඳ මහාචාර්ය ජී.එල්. පීරිස් පවා හිරු දුටු කදෝපැනියෙකු සේ පසුබසින බව ආණ්ඩුව ගැන හොඳට ම දන්නා අය පවසති.

හදිසි පනතක් ලෙස මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුවට ගෙනැවිත් තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කර ගතහොත් දැනට සන්ධානයේ සිටින සියලු මන්ත්‍රීන් ඊළඟ පාර්ලිමේන්තුවෙන් ගොඩ දාගෙන තුනෙන් දෙකේ බලයක් ගොඩනඟාගත හැකි බව වීරවංශ මෑතදී රජයට උපදෙස් දුන්නේ ය.


ඔහුගේ අලුත් ම උපදේශය වන්නේ හිටපු හමුදාපති හා දැන් විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා යුද්ධාධිකරණයට කැඳවා යුද නීතිය යටතේ දඬුවම් ලබා දිය යුතු බවයි. එයට හේතුව එක්සත් ජාතීන්ගේ සංවිධානය රජයට ලියුමක් එවා ඇත්තේ ඔහු සන්ඩේ ලීඩර් පුවත්පතට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන වීමයි. ඒ ඔස්සේ ඔහු ජනාධිපති තරගයෙන් ඉවත් කළ හොත් ජනාධිපතිවරණය පහසුවෙන් ජය ගත හැකි බව වීරවංශ රාජපක්ෂවරුන්ට පෙන්වා දී ඇත.

කෙසේ වෙතත්, රාජපක්ෂවරු ඔහුගේ උපදෙස් එතරම් ගණන් නො ගැනීම හා ‍ඔහු කෙතරම් ආවේශීලීව කතා කළත් ජනතාව අවදි වී වීදියට නො පැමිණීමත් ගැන වීරවංශ අසතුටින් සිටින බව ද වාර්තා වේ.






Comments

  1. කටුස්සගෙ කරෙ රන් බ්න්දහම ඔහොම වෙනව

    ReplyDelete
  2. මිනිස්සු බලං ඉන්නේ උඹ එළියට බහිනකං.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා