සුනාමි සල්ලි පිල්ලි ගිය තරම මෙන්න!


(2009 දෙසැම්බර් 27 -W3Lanka) ලංකාවට සුනාමි ආධාර ලෙස ලැබුණු ඩොලර් බිලියන 2.2කින් (රු. කෝටි 22,000කට වැඩි මුදලකින්) ඩොලර් මිලියන 603.4ක් (රු. කෝටි 6000කට වඩා) සුනාමි ව්‍යසනයට අදාළ නො වන ව්‍යාපෘති සඳහා වැය කර ඇති බව ද, තවත් ඩොලර් මිලියන 471.9කට (රු. කෝටි 5000කට) වූ දේ අපැහැදිලි බවත් ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.


2005දී රජය විසින් කරනු ලැබූ විගණනයකින් පෙන්වා දෙනු ලැබුවේ වියදම් කර තිබෙන්නේ ලැබුණු ආධාරවලින් 13%ක් පමණක් බවයි. එහෙත් ඉන් පසු මේ පිළිබඳ රජය පැත්තෙන් වාර්තා ප්‍රසිද්ධ වි නැත. මේ මුදල්වලට සිදු වූයේ කුමක්දැයි දැන ගැනීමට සුනාමි පීඩිතයන්ට, පොදු මහජනතාවට පමණක් නොව ආධාර සැපයූ අයට ද අයිතියක් තිබේ.



සුනාමියෙන් 31,000ක් ලාංකිකයන් මිය ගිය අතර, උන්හිටි තැන් හා ජීවනෝපාය අහිමි වූ තවත් ලක්ෂ ගණනකගේ ජීවිත යළි ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර ආධාර හා පුණ්‍ය ආයතන විසින් ලබා දෙන ලද මුදල්වලින් වෙනත් පිරිසකට සමෘද්ධිය ළඟා වෙද්දී ලක්ෂ ගණනක් සුනාමි පීඩිතයෝ අවතැන් කඳවුරු, සුනාමි සහන කඳවුරු සහ බාගෙට ඉදි කළ නිවාසවල ළත වෙති.


සුනාමිය ආශිර්වාදයක් වූ පිරිස අතර සහන අරමුදල් පාලනය කළ කළමනාකාරවරු, ව්‍යාපෘති කළමනාකාරවරු, දේශපාලකයෝ හා ඔවුන්ගේ අන්තේවාසිකයෝ වෙති.


සුනාමි සල්ලි ගැන කතා අතරින් හොඳ ම කතාව 'හෙල්පිං හම්බන්තොට' කතාවයි. එකල අගමැති වූ මහින්ද රාජපක්ෂ‍ගේ ජාතික සහන අරමුදලට ජාත්‍යන්තර ආධාරකරුවන් විසින් එවන ලද මුදල් පෞද්ගලික ගිනුමකට බැර කිරීමෙන් රු. අට කෝටි තිස් ලක්ෂයක් පිළිබඳ විශ්වාසය කඩ වුණේ ය යන පදනම මත එකල රහස් පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර එකල අග්‍රාමාත්‍ය ලේකම් වූ ලලිත් වීරතුංගගෙන් පැය පහක් ප්‍රශ්න කරන ලදී.


මෙම පරීක්ෂණය ඔස්සේ සිය මානව හිමිකම් කඩ වන්නේ යයි රාජපක්ෂ අගමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම පරීක්ෂණය අත්හිටුවන ලදී. එකල අග්‍ර විනිශ්චයකාරයා නම් සරත් නන්ද සිල්වා ය. එසමයේ ජනාධිපතිවරණයට තරග කරමින් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නම් දැන් ජනාධිපතිවරයා ය.


Comments

  1. Visit following link & vote person who you think be the next president of Sri Lanka.


    http://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx

    ReplyDelete
  2. අදාල අය සුනාමියට 'රත්තරන් වතුර' යැයි කියන්නේ මේ නිසාය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා