ජාතික සංවිධාන එකමුතුවේ වැඩිහිටි පිරිමි වැඩිහිටියන්ට, ගැහැනුන්ට, මාධ්‍යවේදීන්ට අපහාස කරති

(2009 දෙසැම්බර් 02 - W3Lanka) ඊයේ ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවේදී එස්.එල්. ගුණසේකර හා ගුණදාස අමරසේකර වැනි සිංහල ජාතියේ ඇතැම් ගැලවුම්කරුවන් මාධ්‍යවේදීන් ඇමතුවේ 'ඕයි' වැනි වචන භාවිතා කරමිනි. 

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ මෙම වයෝවෘද්ධ පුද්ගලයන් හා භික්ෂූන් හැසිරු‍ණේ අතිශය ළාමක හා උද්වේගකර අන්දමිනි. නිදසුනක් ලෙස හැට පැන්න වැඩිහි‍ටියකු වූ මානෙල් මල් ව්‍යාපාරයේ කැඳවුම්කරු වන එස්. එල්. ගුණසේකර පාවිච්චි කළ එක් ස්ත්‍රී විරෝධී හා වැඩිහිටි විරෝධී උපමාවක් වුණේ 'නංගි පෙන්නලා ආච්චි දෙනවා' යන්නයි. 


විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා පසුපස සිටින්නේ බටහිර අධිරාජ්‍යවාදයෙන් යැපෙන සැනසෙන රනිල්, මංගල, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් ඇතුළු හවුල බැවින් මේ ගොනුවෙන එකමුතුව සියවසේ අශුද්ධම සන්ධානය බව මේ 'ජාතික' සංවිධාන පෙන්වා දුන්හ.



"විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ෆොන්සේකා පොරොන්දු දුන්නාට ජනාධිපතිවරයෙකුට එය අහෝසි කළ නොහැකියි. එහෙම බලතල ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ නෑ. එය කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි.’’ යනුවෙන් එස්. එල්. ගුණසේකර පැවසීය.


දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය, මානෙල් මල් ව්‍යාපාරය, ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය, දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණ, රුහුණු රට භික්‍ෂු පෙරමුණ, රකිමු ශ‍්‍රී ලංකා පදනම ආදී සංවිධාන ගණනාවක නායකයන් මේ අවස්ථාවට එක්ව සිටියහ.



Comments

  1. Me halparu badagostharawadi viyaparawala, peramunuwala inne ochcharai samastha Lankawatama. Me hampada, kujeetha wela awalangu una potta kasi. Kisima vatinakamak, walangu bawayak, padanamak na me ayatath, kiyana katha walatath.

    ReplyDelete
  2. වැදි බණ දෙසමින් උන්නු, දේශපෙ%්මීන් යයි කියාගන්නා හිවල්ලුන්ට තමන් මෙතෙක් විදි සැප සම්පත් වලට කෙළවෙන බව ඉවෙන් මෙන් දැනී ඇත. දැන් ඒ වෙනුවෙන් නිරැවතින් වුව හඩනගන්නට සූදානම් වබට සාක්ෂි ඊයේ මාධ්‍ය හමුවේදී දකින්නට ලැබුණි.

    බැටළු හම් පොරවාගත් හිවල් දේශපෙ%්මීනි, මේ නියම දේශපෙ%්මීන්ගේ කාලයයි.... ප%වේශම් වෙයල්ලා...
    මේ රටේ ජනතාවගේ සල්ලි වලින් සැප ගත්තට වලට උණත් හෙණ ගහන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  3. This is one sign of victory of SF. Why they cannot act as gentlemen. They should lean how act Ranil amids election losses.

    ReplyDelete
  4. ඒ කතාවත් ඇත්ත අධිරාජ්‍යවාදීන්ගෙන් යැපෙන එවුන් ඉවසන්න පුඵවන්. ඒත් අපේම දේවල් දේශප්‍රේමය රස්සාව කරගෙන හූරගෙන කන එක ඉවසන්න බෑ මේ අජූත නාකි ටිකයි. සියඵ ධර්මය උගත් ඒත් බුදුන් වහන්සේව මේ ජීවිතේ කියා කල්ප ගාණකටවත් හීනෙකින්වත් දකින්න බැරි බුද්ධ පුත්‍රයන් විදියට පෙනී සිටින මේ කාලකණ්ණි චීවරධාරීනුයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා