Posts

Showing posts with the label ගුණදාස අමරසේකර

ආසි හංගාගෙන ගුණදාස අමරසේකර නම් පො‍රවෙන් වාසි ගන්නට හදන ආණ්ඩුවේ ඕමි කෙළිය

Image
(2011 මැයි 22,   W3Lanka )  රටේ ප්‍රශ්න රට ඇතුළේ විසඳා නො ගෙන කල් මැරීමේ හා දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සමග සෙල්ලම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දැන් බටහිර බලවතුන්ගේ හා ඉන්දීය උවමනාව මත කටයුතු කරන්නට සිදු වී තිබෙන ලංකාවේ ආණ්ඩුව ආසියා තියාගෙන පොරොවෙන් වාසි ගන්න උත්සාහ කරන සෙල්ලමක් පටන් ගැනීමට ‍සැරසෙන බව වාර්තා වේ. ආසියා විමල් වීරවංශ යැංකි අධිරාජ්‍යයේ මහ බලකොටුව වන නිව්යෝක් නුවරට ඔත්තු බැලීමේ අභීත මෙහෙයුමක් (reconnaissance mission) ගොස් ඇත. ආසියා හංගාගෙන ගහන්න හදන පොරව වයෝවෘද්ධ ගුණදාස අමරසේකරයි. ඔහු පිටිපස්සෙන් බූරුවාගේ සිට හතේ කොළේ දක්වා සෙසු තුරුම්පු පෙළට සිට ගනු ඇත. ඉන්දීය බලපෑම් හා දෙමළ ජාතික සන්ධානය සමග කරන සාකච්ඡාවලට එරෙහිව උද්ඝෝෂණයක් මැයි 30දා කොළඹදී කරන්න දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය සූදානම් වෙමින් සිටියි.  ගුණදාස අමරසේකරගේ ගනඳුරෙන් එළිය දකින්නට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ නො කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. විරෝධය ඉන්දියාවටයි. ඉන්දියාව ලංකාව එහි ග්‍රහනයට ගන්නවාලු. දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කරන්න බල කරනවාලු. බලය බෙදන්න කියනවාලු. ...

ශාස්තෲ නවකතාව ගැන කතා කරන්න බ්ලොග් අඩවියක්

Image
( 2010 නොවැම්බර් 30,  W3Lanka )  නවකතාව යනු සමාජ දේශපාලන සංවාදයේ උත්තර සංවාදයයි - ගුණදාස අමරසේකර "මේ වනාහි දේශපාලන ව්‍යායාමයකි. තේරෙන කාලයේ හට ගත් තරුණ කැරැලි දෙකක් හරහා එක්ව යමින් සමාජවාදී විප්ලවයක සිහින දැක පැරදුණ මගේ පරපුරේ මිනිසුන් සමග තුවාල ලෙව කන්නටත්, පය ලූහුටා ගිය තැන් සිතියම්ගත කරන්නටත්, ජීවිතය නැවත කියවන්නටත් අරගල පිළිබඳ ප‍්‍රබන්ධ සාහිත්‍යයක් අවැසිව ඇතැයි සිතමි. සමාජවාදී සමාජයක් පිළිබඳ සියලූ සිහින බිඳ වැටුණු පසුවත් ඒ බලාපොරොත්තුව ජීවිතාශාව වඩවයි. ලියන්නට ඇති කතා බොහෝ ය......." - ශාස්තෲ නවකතාවේ පෙරවදනින් අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද ශාස්තෲ නවකතාව ලංකාවේ මෑතකාලීන රැඩිකල් දේශපාලනය පසුබිම් කර ගත් එකකි. නවකතාව ආශ්‍රිත තොරතුරු පළ කිරීමටත් එය කියවන ඔබට අදහස් දැක්වීම සඳහාත් මෙම බ්ලොග් අඩවිය වෙන් කර ඇත. පිවිසෙන්න Bookmark, remember easily and come again   www.w3lanka.com

ජාතික සංවිධාන එකමුතුවේ වැඩිහිටි පිරිමි වැඩිහිටියන්ට, ගැහැනුන්ට, මාධ්‍යවේදීන්ට අපහාස කරති

Image
(2009 දෙසැම්බර් 02 - W3Lanka ) ඊයේ ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවේදී එස්.එල්. ගුණසේකර හා ගුණදාස අමරසේකර වැනි සිංහල ජාතියේ ඇතැම් ගැලවුම්කරුවන් මාධ්‍යවේදීන් ඇමතුවේ 'ඕයි' වැනි වචන භාවිතා කරමිනි.  මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න හමුවේ මෙම වයෝවෘද්ධ පුද්ගලයන් හා භික්ෂූන් හැසිරු‍ණේ අතිශය ළාමක හා උද්වේගකර අන්දමිනි. නිදසුනක් ලෙස හැට පැන්න වැඩිහි‍ටියකු වූ මානෙල් මල් ව්‍යාපාරයේ කැඳවුම්කරු වන එස්. එල්. ගුණසේකර පාවිච්චි කළ එක් ස්ත්‍රී විරෝධී හා වැඩිහිටි විරෝධී උපමාවක් වුණේ 'නංගි පෙන්නලා ආච්චි දෙනවා' යන්නයි.  විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා පසුපස සිටින්නේ බටහිර අධිරාජ්‍යවාදයෙන් යැපෙන සැනසෙන රනිල්, මංගල, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් ඇතුළු හවුල බැවින් මේ ගොනුවෙන එකමුතුව සියවසේ අශුද්ධම සන්ධානය බව මේ 'ජාතික' සංවිධාන පෙන්වා දුන්හ. "විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ෆොන්සේකා පොරොන්දු දුන්නාට ජනාධිපතිවරයෙකුට එය අහෝසි කළ නොහැකියි. එහෙම බලතල ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ නෑ. එය කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණයි.’’ යනුවෙන් එස්. එල්. ගුණසේකර පැවසීය. දේශහ...