(2009 දෙසැම්බර් 29 - W3Lanka ) මෑත ඉතිහාසයේදී පුතකු පියා වෙනුවෙන් කරන ලද මිළ අධික ම කෘත ගුණ සැලකීම ලෙස දැකිය හැක්කේ නාමල් පුතා ජනාධිපති මහින්ද රාජපක්ෂ තාත්තාට ඡන්දය දෙන්නැයි ජනප්‍රිය පුද්ගලයන්ගේ කටවලින් කියවා ගන්නා දැන්වීම් පෙළයි. රස්සාවක් නො කළ ද නාමල් පුතා සිය තාරුණ්‍යයට හෙටක් නම් සංවිධානය හරහා මේ වෙනුවෙන් කර තිබෙන වියදම අතිශය සංවේදී ය. මෙම ජනප්‍රිය පුද්ගලයෝ මේ දැන්වීම් සඳහා කිසිදු මුදලක් අය නො කළ බව පවසති. සාමාන්‍යයෙන් මුදලට අතිශය සංවේදී වන මෙම පුද්ගලයෝ සංවේදී නායකයාගේ සංවේදීභාවය හමුවේ සිය සාමාන්‍ය සංවේදිත්වය වන මුදලට පවා අසංවේදී වීමට තරම් සංවේදී වී තිබේ. තාරුණ්‍යයට හෙටක් රූපවාහිනී දැන්වීම් ව්‍යාපෘතිය යටතේ දැන්වීමක් එක් වරක් පළකිරීම සඳහා වියදම (අවම වශයෙන්) රු 140,000/-ක් නම්, දිනකට එක් නාලිකාවක් සදහා දැන්වීම් වාර (අවම වශයෙන්) වාර 72ක් විකාශය කිරීම සඳහා එක් නාලිකාවක් සඳහා දිනකට වියදම (අවම වශයෙන්) රු. මිලියන 10.1ක් වේ. මෙම දැන්වීම් සිරස, එම්ටීවී, ටීඑන්එල්, ස්ර්ණවාහිනී, දෙරණ, අයි ටී එන්, රූපවාහිනී යන නාලිකා 7හි ම පළ කරනු ලැබේ. මෙම නාලිකා 7හි පළකිරීමට දිනකට වැයවන මුදල ර