වැඩිදුර ඉගෙනගන්න රට ගිය දොස්තරලා 215ක් ගල් වෙලා


(2009 සැප්තැම්බර් 26 - W3Lanka) 1994 සිට වැඩිදුර අධ්‍යපනය සඳහා යයි කියමින් විදේශගත වූ වෛද්‍යවරුන් 1915ක් අතරින් 215ක් ගල් වී හෙවත් ආපසු නොපැමිණ එහි නතර වී ඇති බව සෞඛ්‍ය ඇමති නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය.

නිදහස් අධ්‍යාපනය ඔස්සේ වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා වසර පහක් පුරා වැය කරන මහජන මුදලට අමතරව මේ හොරුන් සඳහා රජය එකාට මිලියනය ගානේ වැය කර තිබේ. මේ දොස්තර හොරුන්ගෙන් 67දෙනෙක් තවමත් රජයට විදේශගත වීමේදී තැබූ පොලු බේරා නැත. රු. මිලියන 107ක් තවමත් ඔවුන්ගෙන් අය කර ගැනීමට තිබෙන බව සෞඛ්‍ය ඇමති පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි වංචනික ක්‍රියා පිළිබඳ මුනිවත රකියි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා