1989දී මහින්ද රාජපක්ෂට ඝාතනයට ලක් වූවන්ගේ ලැයිස්තු පරිවර්තනය කර දුන්නේ තිස්සනායගම්

(2009 සැප්තැම්බර් 11 - W3Lanka) විශාල වශයෙන් ඝාතන සිදු වූ 1989 වකවානුවේදී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරය විසින් ඝාතනයට ලක් වූවන් 200කගේ නාමලේඛනයක් සකස් කළ බව ද, එම නාම ලේඛනයට නම් බොහොමයක් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ නම් අයෙකු බව ද, මෙකී මහින්ද රාජපක්ෂ පසුව මෙම ලේඛනය ජිනීවාහි එක්සත් ජාතීන් වෙත රැගෙන යමින් සිටියදී කටුනායකු ගුවන් තොටුපළේදී එම ලේඛන අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව ද ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරික නීතිඥ එස්.ජී. පුංචිහේවා ඊයේ (10) පැවසීය. 


ඔහුවැඩිදුරටත් පැවසුවේ එදා එම ලේඛන සිංහල බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර දුන්නේ දැන් විසි වසරක සිර දඬුවමකට ලක් වී සිටින ජේ.එන්. තිස්සනායගම් බවයි. 


තිස්සනායගම් හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව ඊයේ මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රෙය් පැවති සම්මන්ත්‍රණයකදී පුංචිහේවා මහතා මේ බව පෙන්වා දුන්නේය.

Comments

  1. මේක මිිනසුන් අදාල නැති සූදුවක්ද? එතකොට මිනිසුන්.... ඒවා භාණ්ඩ විතරද? මානව සම්න්ධතා.. ඒවා පාරිබභා්ජනය කරන වචන විතරද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න

ඕල්කට් ඡන්දෙට වැඩ කළේ මේ ආණ්ඩුවට | Underworld gangster Olcott supported the government at the general election