මෙන්න අලුත්ම ප්‍රශස්තිය - යුවරජා ඔබ


(2009 සැප්තැම්බර් 27 - W3Lanka) මෙන්න ලංකාවේ අලුත්ම ප්‍රශස්ති රැල්ලේ අලුත්ම ගීතය. ගීතය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටයි. මෙවර ගායනයෙන් ගොඩ යන්නේ අමිල පෙරේරා සහ නිශාන්ත කල්පගේයි. සංගීතයෙන් ගොඩ යන්නේ ශාන්ත ජයලත් තිසේරායි. ලිව්වේ කවුරුදැයි මෙම වීඩියෝවේ සඳහන් වන්නේ නැත.


උපහාර උත්සව සූදානම්වෙමින් තිබේ.


මීළඟ ගීතය බැසිල්ටයි. එය නිර්මානය කරන අය වහා ඉදිරිපත් වන්න.


ඊළඟ එක නාමල්ටයි. එය ගැනත් සිතන්න.


කලාකරුවනි, යුව රජුන් පත් කර ගැනීම රජුටම පවරන්න. යුවරජුන් වීමට සිටින වෙනත් අය තරහා වුවහොත් ඔන්න අපි නම් දන්නේ නැත. රජුන් ඇසුර සැප මෙන්ම භයානක ද විය හැකි බව පැරණි සාහිත්‍යයේ ඇත.


මෙය යූටියුබ් දැමූ අය කියන පරිදි මෙතෙක් බිහි වූ හොඳම ගීය මෙයයි. එතකොට සහේලි රෝචනා ගමගේ මහරජාණන් ගැන කී එක මීට වඩා පල් විය යුතුය. ඔන්න අපි නම් ඔවා ගැන දන්නේ නැත. ඔයගොල්ලන්ගෙ මැට්ටං තම්මැට්ටං නෙමෙයිනේ.


ජයවේවා! ජයවේවා! ඔහොම යං!



Comments

  1. ඇයි!! තමුන්නාන්සෙට ඉරිසියාද?? ඕන නම් තමුන්නාන්සෙටත් එකක් ලියන්න පුලුවන්. රනිල්ගෙයි, සුද්දන්ගෙයි ගැට්ට කහනවට.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. See This:

    http://www.youtube.com/watch?v=_3oCF69nPeU

    රජසැප විඳිනට රජ දරුවන් හට...

    ReplyDelete
  4. ape tharuna kalakarayoth me widihata wandibhattayo wena eka gana nam dukai, lajjai, kalakirenawa

    ReplyDelete
  5. mata mathakai punchi kale sangeethe igena gannakota danna wan hun apa kannasamy raja dooraye kiyala mahanuwara yugayata ayithi prashasthi geeyak igenagaththa.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා