මැතිවරණ කොමසාරිස් වැඩ අල්ලයි; රූපවාහිනී වැඩසටහන් පහක් තහනම්


(2010 ජනවාරි 07 -W3Lanka) ජාතික රූපවාහිනිය විකාශනය කරන යක්‍ෂාවේෂය, ඇදගෙන නෑම, කිඹුල් කඳුළු, ප‍්‍රවෘත්ති පසුබිම හා විනිවිද යන වැඩ සටහන් සංස්ථාවේ දේපළ භාවිතා කර විකාශනය කිරීම මැතිවරණ කොමසාරිස්තුමා වහාම කි‍්‍රයාත්මක වන පරිදි තහනම් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක 2010 ජනවාරි 04 වැනි දා අංක PRE/2010/0/01 යන අංකය යටතේ රූපවාහිනියේ සභාපතිවරයාට යැවූ ලිපියකින් මේ තහනම දැනුම් දී තිබේ.


මැතිවරණ කොමසාරිස්වරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 104 (අ) වගන්තිය යටතේ තමාට හිමි බලතල ප‍්‍රකාර මෙම තහනම් නියෝග පනවා තිබේ.

Comments

  1. ටැබූගේ අර ලිපිය දැකලාද දන්නේ නෑ වැඩ අල්ලුවේ! ;)

    ReplyDelete
  2. මෙපනමකින් වත් ක්‍රියාත්මක රාජ්ය නිලදරුවාට අපි සුබ පතමු

    ReplyDelete
  3. නමුත් අවාසනාවට මේ වැඩසටහන් සියල්ලම නම වෙනස් කරමින් නැවත ආරම්භ කිරීමට කටයුතු සූදානම් වෙමින් තියන බව රූපවාහිනී සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ.

    ReplyDelete
  4. දැන්නම් ජාතික රූපවාහිනිය බලන්න අප්පිරියයි. නිසි බලධරයට මේවා පේනනේ නැද්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න