ඇඟිලි සලකුණ හා ෆොන්සේකා
(2010 ජනවාරි 29 - W3Lanka ) ' රාජ ආණ්ඩුවක් හදන්නට වන්දි භට්ටයින් විනා විමසන ප්‍රශ්න කරන මිනිසුන් අවශ්‍ය නොවන බැවින්' තමන් බ්ලොග් ලිවීම නවතන බව මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු බියොන්ඩ් ෆ්‍රේම් සිය අවසාන සටහන තබමින් කීවේය. අවශ්‍ය නො වුණාට, මිනිසුන් හිතන, විමසන එක වැළැක්වීම ලෙහෙසි නැත. හිතා විමසා ලිවීම නම් අනතුරුදායක විය හැකි ය. එහෙත් අප නම් දිගට ම ලියන්නට අදහස් කරන්නෙමු. ඒ අප දන්නා දෙය වන්නේ ලිවීම නිසා ය. මේ දිනවල රටේ ප්‍රධාන ම ජනමාධ්‍යය වී තිබෙන කටකතා අංශය සමග සම්බන්ධ වනවාට වඩා මෙය විධිමත් කාර්යයකැයි අපි විශ්වාස කරමු. නව තත්වයන් යටතේ අප කරුණු කියන්නේ ආණ්ඩුවට සිය පිටපත්වල අඩුලුහුඬු පෙන්වා දීමට මිස වෙනස් ආකාරයකට හිතන්නට හෝ කරුණු විමසන්නට මිනිසුන් පෙළඹවීම සඳහා නොවේ. මෙය සම්පූර්ණයෙන් ම රාජපාක්ෂික ක්‍රියාවක් බව කරුණාවෙන් සලකන්න. ෆොන්සේකා කොයි තරම් නරක මිනිහෙකුදැයි ඊයේ රාත්‍රී මහජන දේපලක් වන ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ඇඟිලි සලකුණ වැඩසටහනෙන් අපේ ඇසට ඇගිල්ලෙන් නොව බෝල්පොයින්ට් පෑනෙන් ඇන පෙන්වා දුන්නේ ය. ෆොන්සේකා විසින් කණ කපන ලද කරණවෑමියා හා කණ පලන...