රූපවාහිනී සේවකයන්ගේ රතු ඉර පනියි
(2010 ජනවාරි 04 -W3Lanka) ජාතික රූපවාහිනියේ වෘත්තීය සමිති සන්ධානය එහි සභාපති වෙත ලිපියක් යවමින් මැතිවරණ සමය තුළ සිදුකරන පකෂපාතී සහ අත්තනෝමතික මාධ්‍ය භාවිතය නතර නොකරන්නේ නම් සේවකයින්ගේ වෘත්තීය ගරුත්වය සහ ආයතනයේ පැවැත්ම වෙනුවෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බවට අනතුරු අඟවා ඇත.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ජාතික රූපවාහිනිය වෙළඳ දැන්වීම් ප්‍රචාරණය මගින් ආදායම් උපයාගැනීමේ ක්‍රියාමාර්ගය පසෙක දමා එක් අපේකෂකයෙකුට පමණක් වාසිදායක වන දැන්වීම් තොග පිටින් විකාශනය කිරීමට සංස්ථා කළමනාකාරිත්වය කටයුතු කිරීම පිළිබඳව මෙහිදී දැඩි විරෝධය පලකර ඇත. තාරුණ්‍යයට හෙටක් වෙතින් පණිවිඩයක් සහ සුභ අනාගතයක් නම් වූ මැතිවරණ දැන්වීම් නොමිළේ විකාශනය කිරීමත් ඒ සඳහා මුදල් ගෙවා ප්‍රචාරණය කරන සෙසු ස්ථාවර වෙළඳ දැන්වීම් කාලය යොදා ගැනීමත් නිසා ජාතික රූපවාහිනියට සිදුවන පාඩුව පිළිබඳව වෘත්තීය සමිති සන්ධානය කරුණු සහිතව එම ලිපිය මගින් පෙන්වා දී ඇත.
මේ දිනවල විකාශනය වන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්රවෘත්ති සහ වැඩ සටහන් ක්‍රියාවලිය ඒකපාර්ශවීය මානයක් වෙත පදනම් වී තිබීම පිළිබඳව ද අවධානය යොමු කරමින් එමගින් ආයතන සේවකයින්ගේ වෘත්තීය ගරුත්වය සහ ජීවන ආරකෂාවට ද තර්ජනයක් එල්ල වී ඇති බවද පෙන්වා දෙයි. සේවක සුරකෂිතභාවය සහ තොරතුරු දැනගැනීමේ පුරවැසි සමාජයට ඇති අයිතිය පිළිබඳව ගැඹුරින් සලකා බලා පහත යෝජනා ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.
01. මාධ්‍ය භාවිතය සම්බන්ධ මැතිවරණ කොමාසරිස්ගේ නියෝගයන් නිසි පරිදි ඉටු කිරීම.
02. නියමිත දැන්වීම් මිළ ගණන් අනුව වාණිජ සංකේතාංක යටතේ සියළු මැතිවරණ දැන්වීම් විකාශනය කිරීම.
03. ඉදිරි මැතිවරණ දැන්වීම් ප්‍රචාරණ කටයුතු වලදි ඊට අදාල අත්තිකාරම් ලබාගැනීම.
04. වර්ෂ 2010 ජනාධිපතිවරණ ප්‍රකාශයට පත්වූ පසු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ මැතිවරණ දැන්වීම් සඳහා අයවිය යුතු මිල ගණන් විධිමත් ලෙස ගණනය කොට වගකිව යුතු පුද්ගලයන්ගෙන් එම මුදල් අයකර ගැනීම.
05. පෙර පැවති සියළුම මැතිවරණවලට අදාල මැතිවරණ දැන්වීම් සඳහා අයවීමට ඇති රුපියල් මිලියන 30ක් පමණ වන මුදල් ප්‍රමාණය අයකරගැනීමට කටයුතු කිරීම.
ඉහත දක්වා ඇති කරුණු සම්බන්ධව සංස්ථා කළමනාකාරිත්වය නිසි අවධානයට ලක් නොකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමු වන බව ද වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවා ඇත. රූපවාහිනී සංස්ථා සේවක සංගමය, වැඩසටහන් නිෂ්පාදකවරුන්ගේ සංගමය, ජාතික සේවක සංගමය, ඒකාබද්ධව මෙම ලිපිය ජාතික රූපවාහිනී සභාපති අධ්‍යකෂක ජනරාල් වෙත යොමු කර ඇති අතර එහි පිටපත් මැතිවරණ කොමසාරිස් වෙත ද යොමු කර ඇත.
(උපුටා ගැනීම යුනියන්ස් ලංකා වෙතිනි)

බලාගෙනයි. දුටුගැමුණු කුඩුලාල් එක්ක එන්න පුළුවන්.
ReplyDeleteආයි දුටුගැමුණු බහීද මන්දා සීන් එකට
ReplyDeletemaru thama.. ane moda ruupavahini goiyane, danwath SF ta denna
ReplyDelete