සරත් ‍ෆොන්සේකාගේ පෝස්ටරයට අනුර යාපාගෙන් අමතර ප්‍රචාරයක්


(2009 දෙසැම්බර් 11 - W3Lanka) විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා වෙනුවෙන් ‘මට පෙර මගේ රට’ යන පාඨය සහිතව ඊයේ දිවයින පුරා අලවා තිබූ පෝස්ටරයට මාධ්‍ය හා තොරතුරු ඇමති අනුර යාපා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවේදී අමතර ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කළේ ඇයි ද යන්න රජයේ නායකයන්ගේ අවධානයට යොමු වී ඇති බව වාර්තා වේ. 

පැරණි දිනමිණ පුවත්පතක් පෙන්වමින් ‘මට පෙර මගේ රට’ යන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් යොදාගෙන සකස් කළ පෝස්ටරයක් පසුගිය දිනවල රටපුරා අලවා තිබූ බව ඇමතිවරයා කීවේය.

මෙම පුවත හා අදාළ ඡායාරූපයක් ද අද දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ යොදා තිබිණි.



’මට පෙර මගේ රට’ යන්න සාමාන්‍යයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උද්ධෘතයක් ලෙස ප්‍රකට කියමනක් නොවේ.


රජය සමග සිටිමින් ම සියුම් ලෙස විපක්ෂයේ වාසිය උදෙසා කටයුතු කරන දේශපාලකයන් වෙත මේ වන විට ජනාධිපතිවරයාට සැබැවින් ම හිතවත් පිරිස්වල අවධානය යොමු වී තිබේ.



Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා