උපේක්ෂා සරත්ට සහාය දීම නිසා පබා අතුරුදහන්


(2010 ජනවාරි 06 -W3Lanka) ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වනජනප්‍රිය වැල නාට්‍යයක් වන පබාහි පබාගේ චරිතය රඟපාන උපේක්ෂා ස්වර්ණමාලි ජනරාල් සරත් ෆොන්සේකාට සහාය ‍පිණිස මැතිවරණ වේදිකාවට ගොඩ වීමත් සමග ටෙලි නාට්‍යයෙන් පබා අතුරුදහන් කිරීමට නිෂ්පාලකයන්ට උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ. 


ඒ අනුව පබා හිටිහැටියේ අතුරුදහන් වන අතර පැහැරගෙන යාමකට ලක් වී ඇති බව අඟවන දර්ශනයක් හෙට විකාශය වීමට නියමිත ය. 

පබා මරා කතාව ශෝඛාන්තයක් කරනවා ද, නැතිනම් හදිසි අනතුරකට පත් කර ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් කරවා වෙනත් නිළියක් චරිතය සඳහා යොදා ගන්නවා ද යන්න පිළිබඳව මේ දිනවල නිෂ්පාදකයන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. පසුගිය දිනවල තාරුණ්‍යයට හෙටක් දැන්වීම්වල පෙනී සිටි නිළියන් කීපදෙනෙක් ම දැන් මේ අලුත් පබාට ඉව අල්ලමින් සිටින බව ද ආරංචි මාර්ග පවසයි.



පබාට එවැනි බලු වැඩක් කළොත් පබා ප්‍රේක්ෂකයින් මහින්ද රාජපක්ෂට ඡන්දය නොදී සිටීදැයි බියක් ද අදාළ බලධාරීන්ට මතු වී ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මේ වන විට පබා ද මහින්ද රාජපක්ෂට මළ වධයක් වී ඇත.

Comments

  1. ප්‍රශ්නෙ මෙයා නාට්‍යයෙන් විතරක් අතුරුදහන් කරල නවතියිද කියලා ?

    ReplyDelete
  2. MEA WAGE GON (MAHA)RAJEK PATH KARANNA APITH DAYAKA UNANE,
    PABA AYEN KAROTH OKATA KOHOMATH CHANDE DENNA NA NA NA NA MY

    ReplyDelete
  3. පබා අද අතුරුදහන් වුනා,මහින්ද ජනවාරි 27දා අතුරුදහන් වනවා.

    ReplyDelete
  4. හිංදි නාට්‍ය වලින් ෙබාෙහා් අය මිදුෙන් පබා නාට්‍යය නිසායි. ඒ සදහා පබා චරිතයට පන ෙපාවන උෙප්ක්ෂා ෙබාෙහා් ෙසයින් උපකාරී උනා ෙන්ද? තදබල අසාධාරණයක් ෙවන්නයි යන්ෙන්. අැත්තටම අෙනක් නලු නිලියන් ෙත්රුම් ගන්න අවශ්‍යයි තමන්ට වුවත් ෙමවැන්නක් සිදුවිය හැකි බව. ඔවුන් ඒකමුතු ව ෙමයට විරුද්ධ ව සිටියා නම් වඩා ෙහාද බව සිෙත්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා