පාර්ලිමේන්තුවට විහිදුණ ලිංගික ප්‍රචණ්ඩත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය
(2011 පෙබරවාරි 18, W3Lanka ) ලංකාවේ පාර්ලිමේන්තුව විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිණිස පනත් ගණනාවක් සම්මත කර තිබේ. එහෙත්, අලුත් ම තත්වය වන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාර්ලිමේන්තුව දක්වා ම විහිදීමයි. වඩා නිවැරදිව කියනවා නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ලිංගික ප්‍රචණ්ඩත්වයේ බලපෑමට ලක් වීමයි. පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි සිය සැමියාගේ ප්‍රහාරයකට ලක් ව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරන ලදී. සිද්ධියට හේතුව ලෙස වාර්තා වන්නේ ආදරවන්තයින්ගේ දිනයේ ඇය ජැයික් හිල්ටන් හෝටලයේදී තවත් නළුවකු සමග නැටුමක යෙදීම නිසා ඇගේ නීත්‍යනුකූල සැමියා ඇය කෙරෙහි ඇති කර ගත් ලිංගික ඊර්ෂ්‍යාවකි. පහර දීම් හේතුවෙන් මේ වන විට ඇය ශල්‍යකර්මයකට පවා ලක් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වුවත්, ඇය ඒ පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කර නැත. එහෙත්, පොලිසිය දැන් සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම පිණිස මන්ත්‍රීවරියගේ සැමියා පොලිසියට අවශ්‍යව ඇති මුත් මේ වන විට ඔහු කට්ටටි පනිමින් සිටින බව වාර්තා වේ. උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා නම් ටෙලි නාට්‍ය නිළිය...