Posts

Showing posts with the label ටෙලි නාට්‍ය

ප්‍රභාකරන්ට පවා බිය නොවූ මහින්ද පබාට බියෙන් මව්-දරු කෙටවුම් කරන්නේ ඇයි?

Image
(2010 ජනවාරි 12 -W3Lanka) ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන තුට්ටු දෙකේ වැල නාට්‍යයක් වූ පබාහි පෙනී සිටින (රඟපෑමක් නොවේ) අදක්ෂ නිළියක් වන උපේක්ෂා ස්වර්ණමාලි විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාගේ වේදිකාවට නැඟීම පිළිබඳ 'සංවේදී' නායකයා කෙතරම් බිය වී තිබේ ද යත් මහින්දගේ (මහින්ද අබේසුන්දරගේ) ආගිය කතා ලියන දිනමිණ පත්තරේ පබාගේ අම්මා මෙසේ කියන්නේ යයි ටොම් පචයක් ලියවන්නට පවා පෙළඹී තිබේ. ඒ වගත් මෙසේ ය: මගේ දුව උපේක්ෂා දේශපාලනයට විකුණනවා ‘පබා’ගේ මවගෙන් චෝදනාවක් ‘’මගේ දුව පබා යම් පුද්ගලයකු දේශපාලන වාසිතකා විකුණනවා’’ යැයි උපේක්ෂා ස්වර්ණමාලිගේ (පබා) මව ප්‍රකාශ කරයි. අපි එදා සිටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට හිතවත්. අපට නිදහසේ පාරක බැහැලා යන්න සැලැස්සුවේ එතුමා’ බව පබාගේ මව වන නිර්මලී ද සිල්වා කියා සිටී. මේ සම්බන්ධයෙන් දිනමිණට විශේෂ ප්‍රකාශයක් කරන ඇය මෙසේ ද ප්‍රකාශ කරයි. ‘මගේ දුව උපේක්ෂාට නිළියක් ලෙස ජනප්‍රිය වන්න ‘පබා’ ටෙලි නාට්‍යයෙන් ස්වාධීන රූපවාහිනිය බොහෝ උපකාරී වුණා. ඇය රඟපෑමට දක්ෂයි. ඔය ළමයා දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. පක්ෂයක පාට මොකක්ද කියලාවත් දන්නේ න...

උපේක්ෂා සරත්ට සහාය දීම නිසා පබා අතුරුදහන්

Image
(2010 ජනවාරි 06 -W3Lanka) ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වනජනප්‍රිය වැල නාට්‍යයක් වන පබාහි පබාගේ චරිතය රඟපාන උපේක්ෂා ස්වර්ණමාලි ජනරාල් සරත් ෆොන්සේකාට සහාය ‍පිණිස මැතිවරණ වේදිකාවට ගොඩ වීමත් සමග ටෙලි නාට්‍යයෙන් පබා අතුරුදහන් කිරීමට නිෂ්පාලකයන්ට උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ.  ඒ අනුව පබා හිටිහැටියේ අතුරුදහන් වන අතර පැහැරගෙන යාමකට ලක් වී ඇති බව අඟවන දර්ශනයක් හෙට විකාශය වීමට නියමිත ය.  පබා මරා කතාව ශෝඛාන්තයක් කරනවා ද, නැතිනම් හදිසි අනතුරකට පත් කර ප්ලාස්ටික් ශල්‍ය කර්මයක් කරවා වෙනත් නිළියක් චරිතය සඳහා යොදා ගන්නවා ද යන්න පිළිබඳව මේ දිනවල නිෂ්පාදකයන් සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වේ. පසුගිය දිනවල තාරුණ්‍යයට හෙටක් දැන්වීම්වල පෙනී සිටි නිළියන් කීපදෙනෙක් ම දැන් මේ අලුත් පබාට ඉව අල්ලමින් සිටින බව ද ආරංචි මාර්ග පවසයි. පබාට එවැනි බලු වැඩක් කළොත් පබා ප්‍රේක්ෂකයින් මහින්ද රාජපක්ෂට ඡන්දය නොදී සිටීදැයි බියක් ද අදාළ බලධාරීන්ට මතු වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මේ වන විට පබා ද මහින්ද රාජපක්ෂට මළ වධයක් වී ඇ ත.