හෙට වෙනුවෙන් මෙම ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන්න


(2010 ජනවාරි 26 -W3Lanka) හෙට උදෑසන වන විට ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබිය හැකි ය. ජනාධිපතිවරණය ඉතා උණුසුම් එකක් බැවින් මහින්ද රාජපක්ෂ හා සරත් ෆොන්සේකා යන දෙදෙනා අතරින් කවුරුන් ජය ගනු ඇද්දැයි අනාවැකි කීම දුෂ්කර ය. 


එහෙත් එකක් පැහැදිලි ය. මෙම ජනාධිපතිවරණයේදී සියලු අපේක්ෂකයන්ට සම අවස්ථා නො ලැබිණි. මහින්ද රාජපක්ෂ නම් අපේක්ෂකයා ජනාධිපති ධුරයේ බලය හා ආණ්ඩු බලය මුළුමනින් ම සිය ප්‍රචාරක ව්‍යාපාරය සදහා භාවිතා කළ අතර ඡන්දය පැවැත්වෙන අතරතුරදී පවා රාජ්‍ය මාධ්‍ය යොදාගෙන විපක්ෂ අපේක්ෂක සරත් ෆොන්සේකාට පහර දෙමින් සිටියි. 


මහින්ද රාජපක්ෂ වෙනුවෙන් දිරිපත් කරන ලද සරත් ‍කෝන්ගහගේ වැනි ව්‍යාජ අපේක්ෂකයන් හැර වාමාංශික, ස්වාධීන හා වෙනත් අපේක්ෂකයන් කිසිවෙකුට රාජ්‍ය මාධ්‍ය විසින් අවස්ථා ලබා දුන්නේ නැත.

මෙම තත්වය තුළ මහින්ද රාජපක්ෂ ඡන්දය දිනිය යුත්තේ අඩු වශයෙන් 60%කවත් ඡන්ද ප්‍රතිශතයකිනි. නැතිනම් එය නියත පරාජයකි. 



කවුරු දිනුවත්, පැරදුණත් මෙම ප්‍රතිඵලය පිළි නො ගත යුතු ය. සාධාරණ ජනාධිපතිවරනයක් සඳහා සටන් කළ යුතු ය. මෙවැනි දූෂිත මැතිවරණ ක්‍රම හෙළා දැකිය යුතු ය. දූෂකයන් පිටු දැකිය යුතු ය. 


ඒ අද වෙනුවෙන් නොව හෙට වෙනුවෙන් ය.

Comments

  1. ekaparatama me wage parajitha satahanak dameema etharamma honda natha...mathiwarana kriyawaliya puraa ma itha sakriya lesa siti obala mewan parajitha hangeemak thibeemen debidi piliwethaka salakunu pene...

    ReplyDelete
  2. This election is a massive fraud although Sarath Fonseka wins. The perpetrators of this anti-democratic move should be brought to books at least if Sarath Fonseka wins.

    ReplyDelete
  3. මෙම තත්වය තුළ මහින්ද රාජපක්ෂ ඡන්දය දිනිය යුත්තේ අඩු වශයෙන් 60%කවත් ඡන්ද ප්‍රතිශතයකිනි. නැතිනම් එය නියත පරාජයකි.

    Hik Hik,,, Kithul gahata nagga minihatath kiyanna deyak thibunalu... hik hik...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා