සංස්කෘතික අමාත්‍යංශයේ හොල්මන්කාරයෝ මැරුණු අයටත් ආරාධනා යවති

(2009 සැප්තැම්බර් 22 - W3Lanka) පසුගියදා පොළොන්නරුවේදී පැවැත්වුණු 2009 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලට ඇරැයුම් ලැබූවන් අතර මීට වසර 11කට පෙර මිය ගිය රුහුණු විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශ ප්‍රධානී අලවත්තේගොඩ ප්‍රේමදාස මහතා ද සිටියේය.


විශිෂ්ට ලේඛකයකු හා විද්වතකු වූ එතුමාට මෝටර් රිය ඇතුල් කිරීමේ අවසරපතක්ද නිකුත් කිරීමට සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය කාරුණික වී තිබේ. 

කොළඹදී පැවැත්වුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ජනාධිපතිතුමා පුටුවෙන් වැටීම පිළිබඳව ආන්දෝලනයක් තිබෙන අතර, ඉහත කී ඇරැයුම් පත ද නිකුත් කළ සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් ජී.එල්.ඩබ්. සමරසිංහ පසුව තනතුරින් ඉවත් කරන ලදී. 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා