Posts

Showing posts with the label ජාතික සාහිත්‍ය උළෙල

සංස්කෘතික අමාත්‍යංශයේ හොල්මන්කාරයෝ මැරුණු අයටත් ආරාධනා යවති

Image
(2009 සැප්තැම්බර් 22 - W3Lanka) පසුගියදා පොළොන්නරුවේදී පැවැත්වුණු 2009 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලට ඇරැයුම් ලැබූවන් අතර මීට වසර 11කට පෙර මිය ගිය රුහුණු විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශ ප්‍රධානී අලවත්තේගොඩ ප්‍රේමදාස මහතා ද සිටියේය. විශිෂ්ට ලේඛකයකු හා විද්වතකු වූ එතුමාට මෝටර් රිය ඇතුල් කිරීමේ අවසරපතක්ද නිකුත් කිරීමට සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශය කාරුණික වී තිබේ.  කොළඹදී පැවැත්වුණු රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ජනාධිපතිතුමා පුටුවෙන් වැටීම පිළිබඳව ආන්දෝලනයක් තිබෙන අතර, ඉහත කී ඇරැයුම් පත ද නිකුත් කළ සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් ජී.එල්.ඩබ්. සමරසිංහ පසුව තනතුරින් ඉවත් කරන ලදී. 

සංස්කෘතික ඇමති දෙකට්ටුවට සාහිත්‍ය භක්ෂක සම්මානය

Image
(2009 සැප්තැම්බර් 07 - W3Lanka) පොළොන්නරුවේදී ඊයේ අවසන් වූ ජාතික සාහිත්‍ය උළෙලේ මහ සංවිධායකයන් වූ සංස්කෘතික ඇමති දෙපළට සාහිත්‍ය භක්ෂක සම්මානය පිරිනැමීම සුදුසු බව අපි යෝජනා කරමු. එයට හේතුව එකී ජාතික සාහිත්‍ය උළෙල හද්දා පිටිසර පාසලක විවිධ ප්‍රසංගකටත් වඩා දුර්වල තත්වයකින් සංවිධානය කිරීමට මෙම ඇමති දෙකට්ටුව සමත් වී තිබෙන හෙයිනි.