ගැමිකම යනු උත්කර්ෂයට නංවන්නට තරම් උතුම් දෙයක් නො වේ
එප්පාවල කලක් ප්‍රසිද්ධව තිබුණේ පොස්පේට් නිධිය හා එය චන්ද්‍රිකාගේ ආණ්ඩුව විසින් ඇමරිකන් සමාගමකට විකිණීම සඳහා දරන ලද තැත වැළැක්වීම පිණිස ගල්කන්ද පුරාණ රජමහා විහාරයේ නායක හාමුදුරුවන් වූ මහමාන්කඩවල පියරතන හිමියන්ගේ නායකත්වයෙන් දියත් වූ අරගලය නිසා ය. ලංකාවේ බොහෝ ප්‍රගතිශීලී සංවිධාන මෙම හිමියන්ගේ උද්ඝෝෂණවලට සහාය දීම සඳහා එප්පාවලට පැමිණිය හ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ එප්පාවල පොස්පේට් නිධියට යම් සුරක්ෂිතබවක් ලැබී තිබේ. එය ප්‍රයෝජනයට ගැනීම සඳහා හෙවත් පොහොර නිපදවීම සඳහා පිහිටුවන ලද සමාගමේ අධයක්ෂ මණ්ඩලයේ එප්පාවල හාමුදුරුවෝ ද සිටිති. මෙම කම්හලෙන් තවමත් වැඩිපුර නිපදවන්නේ රොක් පොස්පේට් බව ද, කෙටි කාලීන බෝග සඳහා යොදා ගත හැකි, පහසුවෙන් පසට අවශෝෂණය වන සිංගල් සුපර් පොස්පේට් නිපදවන්නට අවශ්‍ය ප්‍රාග්ධනය සමාගමට නැති බව වාර්තා වේ. ඒ දිනවල එප්පාවල පොස්පේට් නිධිය රැක ගැනීමේ අරගලයට සහභාගි වන්නට අප ගිය සුන්දර ගැමි එප්පාවල පෙදෙස අද ප්‍රසිද්ධ වී ඇත්තේ සමූහ මිනීමැරුමුවලට ය. මේ අලුත් ම සමූහ මිනීමැරුමයි. කියවන්න දිවයින. මේ උපුටා ගත් කොටසකි. "සෑර් කාලයක් තිස්‌සේ මම ඉඩම් නඩුවකට පැටලී ඉන...