ස්මෝල් මිරැකල් ලොකු කරන්න දැන්වීම් දාන්න විතරක් නන්දනට ලක්ෂ අටයි


(2009 සැප්තැම්බර් 20 - W3Lanka) සංචාරක අමාත්‍යංශය විසින් පසුගිය සමයේ රුපියල් කෝටි ගණනක් වියදම් කර ලංකාවේ සංචාරක ලර්මාන්තය ලෝකයේ ප්‍රවර්ධනය කිරීම සඳහා සකසන ලද Sri Lanka Small Miracle යන ප්‍රචාරක පාඨය හා ඒ හා සම්බන්ධ අනෙකුත් ප්‍රචාරක ද්‍රව්‍ය පතික්ෂේප කළ නව සංචාරක ඇමති ජාතික නිදහස් පෙරමුණේ නන්දන ගුණතිලක ඒ සඳහා පාඨයක් යෝජනා කරන ලෙස මහජනයාට දැනුම් දීම සඳහා රු. ලක්ෂ අටක් පමණ වියදම් කරමින් පුවත්පත් දැන්වීම් පළ කර තිබේ. 

ලෝකය පුරාම මෙවැනි වෙළඳ නාම ප්‍රවර්ධන කටයුතුවලදී විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරනු ලබන අතර ඒවා පිළිබඳ මහජනතාව දන්නා රෙද්දක් නැත. අනෙක් පැත්තෙන් ලංකාවේ සංචාරක කර්මාන්තය විකුණන්නේ ලංකාවේ ගම්වල ගොයියන්ට නොව විදේශිකයන්ටය. 



ඇමති නන්දන ගුණතිලකගේ අදහස වන්නේ වෙළඳ නාම ප්‍රවර්ධනය සඳහා මුදල් වියදම් නොකළ යුතු බවයි. එහෙත් දැන් එම ඇමතිවරයාම ඊළඟ ඡන්දයෙන් ගොඩ ඒම සඳහා තම නම ප්‍රවර්ධනය කර ගැනීම සඳහා කලුතර දිස්ත්‍රික්කය පුරා පෝස්ටර් අලවමින් සිටියි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සංචාරක කර්මාන්තය එම කර්මාන්තයේ උන්නතියට අහිතකර අදහස් දරන මාක්ස්වාදී ඇමතිවරයකුට භාර දීම හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ අවිනිශ්චිත තත්වයක් ඇති වී තිබෙන බව සංචාරක අමාත්‍යංශය සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා