ඡන්ද අක්‍රමිකතා ගැන ප්‍රශ්න ඇසූ විදෙස් මාධ්‍යවේදිනිය පිටුවහල්

(2010 ජනවාරි 29 -W3Lankaජනාධිපතිවරණයෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී අක්‍රමිකතා පිළිබඳ තිබෙන චෝදනා පිළිබඳව ප්‍රශ්න කර ඇමති සුසිලි ප්‍රේම ජයන්තගෙන් බැනුම් ඇසූ ස්විස් ජනමාධ්‍යවේදිනී කැරින් වෙන්ජර්ගේ වීසා අවලංගු කර පෙබරවාරි 01දා වන විට ඇය රටින් නෙරපීමට රජය කටයුතු කර තිබේ. 


ජනාධිපතිවරණය වාර්තා කිරීමට පැමිණි ඉන්දියාවේ දිල්ලියේ සිට කටයුතු කරන මෙම මාධ්‍යවේදිනියට පෙබරවාරි 17දා දක්වා වීසා ලබා දී තිබිණි. 


ඇගේ වීසා අවලංගු කිරිම පිළිබඳව හේතු දැක්වීමක් කර නැති බව ඇය සේවය කරන මාධ්‍ය ආයතනය පවසයි. 


තිස් හැවිරිදි වෙන්ජර් ස්විස් පබ්ලික් රේඩියෝ ආයතනයේ ජර්මානු භාෂා අංශයේ සේවය කරයි.

Comments

  1. සුසිල් ප්‍රෙම්ජයන්තගේ වීසා කැන්සල් වෙලා ගොඩක් කල්,

    ReplyDelete
  2. දැන් ඔවට නුව‍්ර පාර, නුවන්ස් ලේන්, මිගාර, වගේ බ්ලොග් බල්ලො මොනවද දන්නේ නෑ කියන්නේ ?

    ReplyDelete
  3. @මල් මාමා...

    ඇහුන් නෑ.. :D

    ReplyDelete
  4. අන්තිමට අපිටමයි පරාවලල්ල වෙන්නේ.

    දැන් එයාලා අනුමාන කරපු හෝ නොකරපු ඒවා වුණා යැයි හිතන්න ගනිවි.

    අහෝ අපේ දේශපාලුවෝ!!!

    ReplyDelete
  5. ඒ කන්දත් අපේ තමයි
    මේ කන්දත් අපේ තමයි
    ර...... ර.... මමයි අපේ රාජ්ජේ

    ReplyDelete
  6. People like them wanted to create something similar to the post-election uprising in Iran. The siege on the Cinnamon Lakeside prevented this.

    I'm proud that our government has the balls to kick out these foreign busybodies. Our government is accountable to us Sri Lankans, not to these bloody foreigners with a bone to pick.

    ReplyDelete
  7. Hik, what is your Government? and to whom is it accountable? I suggest you go through the verses of Martin Nemoller.

    ReplyDelete
  8. ඇත්තටම ඒ ගෑණි කිව්වේ මහින්ද ඡන්ද හොරෙක් කියලානේ,ඉතිං එක ඇත්තනේ,අපිත් කියනවා මහින්ද ඡන්ද හොරෙක් කියලා,මාවත් ස්විඩනයට පි‍ටුවහල් කරන්න කියපංකෝ.

    ReplyDelete
  9. මේ බියකරු සිහිනය මැද පවා ක්‍රිෂ්ණගේ අදහස් දැක්වීම බඩ පැලෙනකල් හිනා ඇති කරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා