'ජංගියේ ලේ එපා' දෙවන දැන්වීම බලන්න


(2010 ජනවාරි  19 -W3Lanka) රුහුණේ ජනයාට තමන්ගේ ප්‍රදේශය පාලනය කිරීමේ තීන්දු ගැනීමේ අයිතිය තිබිය යුතු ය. තිබෙන්නේ ඒ තීන්දු කොළඹ සිටින සීමිත පිරිසක් විසින් ගනු ලබන තත්වයක් නම් එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ. 


උතුරු නැ‍ඟෙනහිර දෙමළ ජනයා තම ප්‍රදේශ පාලනය කිරීමේ හිමිකම වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද අරගලය විසදුම් නො ලැබෙන තත්වයක් තුළ වෙනම රාජ්‍ය ඉල්ලීමක් දක්වා වර්ධනය විය. 


දැන් වෙනම රාජයයක් සඳහා වූ සන්නද්ධ කැරැල්ල මර්දනය කර හමාර ය. එසේ නම් තම ප්‍රදේශ පාලනය කර ගැනීමේ තීන්දු ගැනීමේ හිමිකම දෙමළ ජනයාට ලබා දීම පමා කිරීමට තවත් හේතු තිබේ ද?

බලය වර්ධනය කර ගැනීම සඳහා සිංහල ජාතිවාදය හැර අන් මඟක් නොමැති දේශපාලන නිකමුන් අතළොස්සකගේ විරෝධය මිස අන් හේතුවක් ඇතැයි අපට නො පෙනේ.

මෙම වර්ගවාදීන්ගේ කූට ප්‍රයෝග හා පාලකයන්ගේ පසුගාමිත්වය හේතුවෙන් ජාත්‍යන්තර දේශපාලනයේදී ලංකාව හා සිංහල ජනයා දෙමළ මිනිසුන් පීඩාවට පත් කරන ජාතියක් ලෙස ප්‍රචාරය කිරීම සඳහා අවකාශය විවර වේ. 


ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. එයිනුත් 43%ක්ම අපනයනය කරනු ලබන්නේ යුරෝපා සංගමයටයි. 24%ක් මිළ දී ගන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.


මෙම සබඳතා පුරුක ඔස්සේ ගොස් එක්සත් ජනපද ‍ඇගලුම් පාරිභෝගිකයන් ඉලක්ක කර 'ලංකාව වර්ජනය කරනු!' නම් සංවිධානයක් විසින් නිර්මානය කර ඇති නිර්මානාත්මක ‍ප්‍රචාරක දැන්වීම බලන්න. 
http://www.youtube.com/user/boycottsrilankanow






මෙම දැන්වීම ඉතා සාර්ථක එකක් වූ අතර දැන් එහි දෙවන කොටස ද නිකුත් වී තිබේ. බලන්න http://www.youtube.com/watch?v=8hPr9LWorbk

එක්සත් ජනපදයේ ජනප්‍රිය කාන්තා යට ඇඳුම් වර්ගයක් වන වික්ටෝරියාස් සීක්‍රට් යට ඇඳුම් කෝටි හතක් පමණ වසරකට අලෙවි වන අතර එයින් පන් කෝටි පනස් ලක්ෂයක් ම මහන්නේ ලංකාවේ බව එම සමාගම පවසයි. 


බහුතරය කාන්තාවන් වන ලක්ෂ දෙකක් පමණ වන ලංකාවේ කම්කරුවෝ ඍජුවම ද, තවත් දස ලක්ෂයක් පමණ ජනයා ද ඇගලුම් කර්මාන්තයෙන් ජීවනෝපාය සලසා ගනිති. 

මෙවැනි ව්‍යාපරවලින් ඇති වන අහිතකර බලපෑමෙන් මිදීමට නම් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන පියවර ගැනීමට පුරවැසියන් ලෙස අපි සමත් විය යුතු ය. ලෝකයට බැන බැන සිංහලෙන් ලිපි ලියන හා කතා පවත්වන තක්කඩින් පසුපස ගියහොත් අපට ලැබෙන්නේ ස්වප්න මෝචනයෙන් ලැබෙන සුඛය වැනි එකක් පමණි.

Comments

  1. The Tamil racist diaspora is shocked and angry to see the Sri Lankan economic revival after their military defeat. Not surprised to see the TNA allied Fonseka supporters celebrating such campaigns.

    Shame on you!

    ReplyDelete
  2. You are quiet right,power greedy, mentally retarded politicians boasted for cover their nudity. The reality is, we are going to loose precious forign exchange and jobs for our girls, for the compensastion of bogus patriotism of our polticians.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා