'ජංගියේ ලේ එපා' දෙවන දැන්වීම බලන්න
( 2010 ජනවාරි 19 -W3Lanka) රුහුණේ ජනයාට තමන්ගේ ප්‍රදේශය පාලනය කිරීමේ තීන්දු ගැනීමේ අයිතිය තිබිය යුතු ය. තිබෙන්නේ ඒ තීන්දු කොළඹ සිටින සීමිත පිරිසක් විසින් ගනු ලබන තත්වයක් නම් එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් නොවේ. උතුරු නැඟෙනහිර දෙමළ ජනයා තම ප්‍රදේශ පාලනය කිරීමේ හිමිකම වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ කරන ලද අරගලය විසදුම් නො ලැබෙන තත්වයක් තුළ වෙනම රාජ්‍ය ඉල්ලීමක් දක්වා වර්ධනය විය. දැන් වෙනම රාජයයක් සඳහා වූ සන්නද්ධ කැරැල්ල මර්දනය කර හමාර ය. එසේ නම් තම ප්‍රදේශ පාලනය කර ගැනීමේ තීන්දු ගැනීමේ හිමිකම දෙමළ ජනයාට ලබා දීම පමා කිරීමට තවත් හේතු තිබේ ද? බලය වර්ධනය කර ගැනීම සඳහා සිංහල ජාතිවාදය හැර අන් මඟක් නොමැති දේශපාලන නිකමුන් අතළොස්සකගේ විරෝධය මිස අන් හේතුවක් ඇතැයි අපට නො පෙනේ. මෙම වර්ගවාදීන්ගේ කූට ප්‍රයෝග හා පාලකයන්ගේ පසුගාමිත්වය හේතුවෙන් ජාත්‍යන්තර දේශපාලනයේදී ලංකාව හා සිංහල ජනයා දෙමළ මිනිසුන් පීඩාවට පත් කරන ජාතියක් ලෙස ප්‍රචාරය කිරීම සඳහා අවකාශය විවර වේ. ඩොලර් බිලියන 8.1ක් වන ලංකාවේ සමස්ත අපනයනයෙන් 36%ක් හෙවත් ඩොලර් බිලියන 3.5ක්ම ලැබෙන්නේ ඇඟලුම් කර්මාන්තයෙනි. එයි...