ලංකා පත්තර කන්තෝරුවට සීල් තැබේ

(2010 ජනවාරි 30 -W3Lanka)  රහස් පොලිසිය ලංකා පුවත්පතේ කාර්යාලයට සීල් තබා ඇත. එම කාර්යාලයට ඇතුල්වීම සඳහා රහස් පොලිසිය උසාවි නියෝගයක් ලබාගෙන ඇති බව පොලිස් ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අයි. එම්. කරුණාරත්න පවසයි.


මෙම පුවත්පත් කාර්යාලයට සීල් තබා ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න තවමත් වාර්තා වී නැත.


කාර්යාලයට සීල් තැබීමත් සමග ලබන සතියේ සිට මෙම පුවත්පත ‍නිකුත් කිරීමට නො හැකි තත්වයක් උදා වී තිබේ. 1970 දශකයේදී එවක පැවති සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ද 'දවස' පුවත්පත් ආයතනයට සීල් තබන ලදී. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ එම ආණ්ඩුවේ කණිෂ්ඨ මන්ත්‍රීවරයෙක් විය.  


මෙම පුවත්පතේ පළ වූ ලිපියක් ජනාධිපති සහෝදර හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නො සතුටට හේතු වී ඇති බව පෙනේ. ඔහු ඊයේ දිවයින පුවත්පතට මෙසේ පවසා තිබිණි.


ලංකා පුවත්පත යනු ජනතා විමුක්‌ති පෙරමුණ නමැති වගකිව යුතු දේශපාලන පක්‍ෂය විසින් ප්‍රකාශයට පත්කරන පුවත්පතකි. එම පුවත්පත පසුගිය කාලයේදී දිගින් දිගටම මට අපහාසවන ආකාරයේ අසත්‍ය පුවත් පළ කළා. මම ඒ සියල්ල ඉවසාගෙන සිටියේ ජනාධිපතිවරණය සමයේදී සිදුකරන මඩ ප්‍රකාශ ලෙසයි. නමුත් දැන් ජනාධිපතිවරණය අවසන්. මෙවර කලාපය මගිනුත් මට අපහාස වන ආකාරයේ පුවතක්‌ පළකර තිබෙනවා. ඒ සම්බන්ධව මම ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතාට ඊයේ උදෑසන මගේ දුරකථනයෙන් ඔහුගේ ජංගම දුරකථනයට කතාකර මේ බැව් පැවසුවා.


ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත ද ඊයේ අත්අඩංගුවට ගන්නා ලදී. අද රහස් පොලිසිය විසින් ඔහුගේ නිවස ද සෝදිසි කර ඇත.

Comments

  1. පොඩි නිවරද කිරීමක්ඃ

    සමගි පෙරමුණු රජය විසිරවීමත් සමගම (1977මාර්තු පමණ) හදිසි නීතිය අවලංගු වී දවස ආයතනයේ සීල් ගැලවිණි.

    පසුව මැයි මස මැතිවරණය පැවැත්වෙන විට, දවස ආයතනය පුවත් පත් පළකිරීම ආරම්භ කර තිබුණි. මුල් පුවත් පතේ අබරන් සියාගේ දවසේ කියමන ද තිබෙනු මට මතකයි.

    රිවිරැස යනු දවස ආයතනයේ ඉරිදා පුවත්පතයි. ඉංගිරිසි ඉරිදා පුවත් පත නම් විය.

    මේවා පසු කලෙක (1985+) මා දන්නා තරමින් ආර්ථීක අපහසුතා නිසා වසා දැමුණි.

    රසික සූරියආරච්චි

    ReplyDelete
  2. ඇයි ඒ විතරක් නෙවෙයි...."ලංකා ඊ නිවුස්" එකටත් ඉබි යතුරු දාලා....
    http://www.lankaenews.com/Sinhala/news.php?id=12215

    ReplyDelete
  3. ස්තුතියි රසික.

    1974 අප්‍රේල් 19 දින සීල් තබන ලද දවස පුවත්පත යළි 1976 සිට පළ වී තිබේ.

    අපගේ පුවතෙහි වරද නිවැරදි කරන ලදී.

    ReplyDelete
  4. ඕවා මොනවාද තම්බි,57%ක් අරගෙනත් පත්තර කන්තෝරු වහන රාජපක්ෂ අයියලා,මල්ලීලා,ඡන්දේ ඉල්ලපු ෆොන්සේකාට වැඩිය මහින්දගේ ඡන්ද මංකොල්ලේ නිසා පැරදුණු ෆොන්සේකාට බය මහින්ද සහ ජරා බයි සමාගමට ලංකා පත්තරයක්ද?උන්ට ලංකාව රටක් නොවන කොට පත්තරේ මොන කජ්ජක්ද බං?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා