ඔබ දන් දෙන ඇසින් ලංකාව ඇස් අපනයනයෙන් ලොව දෙවෙනි තැනට


(2009 දෙසැම්බර් 30 -W3Lanka) ලංකා අක්ෂිදාන සංගමය වෙත ඔබ මිය ගිය විට දන් දෙන අක්ෂි කුනිත හෙවත් Cornea හේතුවෙන් ලංකාව එක්සත් ජනපදයට පමණක් දෙවන වන කුනිත අපනයන දේශය බවට පත් වී තිබේ.


එහෙත්, අපනයනකරුවා යන වදනට අක්ෂිදාන සංගමය එතරම් කැමැත්තක් නො දක්වන අතර පවසන්නේ තමන් කරන්නේ දන් දීමක් බවයි. මෙසේ ඇස් දන් දීම පවත්වාගෙන යාම සඳහා මෙම ලාභ නො ලබන ආයතනය විකසන ගාස්තුවක් පමණක් අය කරන බව පවසයි.


1964 ආරම්භයේ සිට අක්ෂිදාන සංගමය රට තුළ හා පිටරට ඇස් 135,000ක් දන් දී ඇති බව පවසයි. තවත් 870,000ක් දෙනා ඇස් දන් දීමට ලියාපදිංචි වී ඇති බව ද සංගමය පවසයි.


ලංකාවේ ඇස්වලින් වැඩියෙන් ම ලෝකය බලා තිබෙන්නේ පකිස්තානයේ හා ඊජිප්තුවේ මිනිස්සු ය.

Comments

  1. ලංකාවේ මීලග ජනාධිපතිවරයා කවුද?
    පහත වෙබ් අඩවියට පිවිස ඔබේ මතය දක්වන්න.

    http://www.pollpub.com/who-will-be-the-next-sri-lankan-president.aspx

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා