සරත්ට සහාය දෙන්න ආ බෝපගේ ආපසු යද්දී දෙපැයක් ගුවන් තොටුපළේ රඳවාගෙන ප්‍රශ්න කරලා


(2010 ජනවාරි 25 -W3Lanka) ජනාධිපතිවරණයේ විපක්ෂ අපේක්ෂක සරත් ‍ෆොන්සේකාට සහාය දැක්වීම පිණිස ලංකාවට පැමිණ සිටි ලයනල් බෝපගේ ආපසු දිවයිනෙන් පිටත්ව යද්දී බලධාරීන් විසින් පැය දෙකක් රඳවාගෙන ප්‍රශ්න කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සන්ධානයේ ප්‍රකාශකයෙක් පැවසීය. 


1971 කැරැල්ලේ ක්‍රියාකාරිකයකු ලෙස වසර ගණනක් අත්අඩංගුවේ සිට නිදහස්ව පැමිණි ලයනල් බෝපගේ 1982 දක්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ධුරය දැරිය. 


ඔහු කලක සිට පදිංචිව සිටින්නේ ඕස්ට්‍රේලියාවේ ය. ලංකාවේ දේශපාලනය පිළිබඳ උනන්දුවකින් කටයුතු කරන ඔහු නිතර ඒ පිළිබඳ විශ්ලේෂණ ඉදිරිපත් කරන්නෙකි.

Comments

  1. Bopage vociferously opposed the war effort.

    ReplyDelete
  2. ලයියා සහෝදරයා ඔයා හරි ෂෝක් කෙනෙක්. ඉදලා හිටලා එනවා..ආයෙත්මත් මෙහෙ ඉන්න පැරණි විප්ලවවාදීන්ගේ ඔලුවයි මොළෙයි අවුල් කරනවා. ඉක්මනටම ඕස්ට්රේලියාවට යනවා. දේහපාලනය කියන්නේ පාට් ටයිම් වැඩක් නෙමෙයි සහෝදරයා. ඒක ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙන වැඩක්. අපිට ඒක කියලා දුන්නේ ඔය සහෝදරයාමයි. කමක් නැහැ අපි අපිට පුළුවන් විදිහට අපේ වැඩේ කරන්නම්. ඔයා ඔහෙටම වෙලා ඉන්න. බය වෙලා පැනලා යන්න එපා...ෂුවර් ‍‍Fonseka දිනනවා. Mahinda පරදිනවා. හැබැයි සමහර විට මහින්ද දිනා ගන්න පුළුවන්. මේ අයගෙන් කව්රැ දිනුවත් රට පරාදයි. පරාජිත රටක ඉන්නේ නැතුව සහෝදරයා ආපහු ගිය එකට සුබ බැතුම්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා