මැතිවරණ කොමසාරිස්ගෙන් චක්‍රලේඛ 100යි; පිළිපැදීම 0යි; චක්‍රලේඛ කොළවලින් බලධාරීහු පස්ස පිස දමති


(2010 ජනවාරි 17 -W3Lanka)  ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගැනීමෙන් පසුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් පොලිසිය, රාජ්‍ය මාධ්‍ය ඇතුළු ආයතන රැසකට චක්‍රලේඛ හා මාර්ගෝපදේශ 100කට වඩා එවා තිබෙනමුත් ඒවා පිළිපදින කෙනෙකු නැති බව වාර්තා වේ. 

පොලිසියට නිකුත් කරන ලද උපදෙස් අතර වැඩියෙන් ම ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කරන ප්‍රචාරක උපකරණ ඉවත් කිරීම පිළිබදවයි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක ද්‍රව්‍ය ඉවත් කිරීමට පොලිසිය අසමත් වී තිබේ. උපදෙස් පිළි නො පදින පොලිසියට මින් මතු එවැනි උපදෙස් නිකුත් නො කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා අවසානයේ තීරණය කර ඇත.



ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වන හඩ්සන් සමරසිංහ පසුගිය දිනෙක ප්‍රසිද්ධියේ ම කීවේ මැතිවරණ කොමසාරිස්වරයාගේ කාර්යය ඡන්ද පෙට්ටි බලා ගැනීම මිස මාධ්‍යවලට උපදෙස් දීම නො වන බවයි. මහජන මුදලින් නඩත්තු වන ලේක්හවුස් ආයතනය, ගුවන් විදුලිය හා රූපවාහිනිය විවෘතව ම ජනාධිපතිවරණයේ එක් අපේක්ෂකයකු වන මහින්ද රාජපක්ෂට පක්ෂව කටයුතු කරයි. මැතිවරණ කොමසාරිස්වරයා විසින් මාධ්‍ය සම්බන්ධයෙන් පත් කරන ලද නිසි බලධාරියා වන ජයම්පති හෙට්ටිආරච්චි පවසන පරිදි දැන් හඩ්සන්ව වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් ඉවත් කර තිබේ.



අමාත්‍යංශ ලේකම්වරුන් හා පළාත් ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන්ට ගොඩනැඟිලි, වාහන ඇතුළු රජයේ දේපල එක් අපේක්ෂකයකුගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම වළක්වන ලෙසට දුන් උපදෙස් ද කිසිවකු පිළිපදින්නේ නැත. ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා රජයේ දේපල පාවිච්චි කරන්නේ කිසිදු හිරිකිතයකින් තොරව ය.

Comments

  1. අන්න එක තමයි මුලිකවම මම මහින්දට නොයන්න හෙතුව... හිරි කිතයිනෙ... මහින්ද බැරි වෙලාවත් සරත්ට ඉඩ දුන්නනම් මහින්ද දිනනවා. උඩින්ම. සාමාන්‍ය කෙනෙකුට තෙරෙනවනෙ මෙතන හොරයක් තියනවා කියලා ජාතික එකෙ තියන දෙවල් දකිද්දි... මෙ මොඩ බල්ලන්ව පත් කරපු හින්දා මහින්දට චන්ද ගොඩක් නැතිවුනා.

    ReplyDelete
  2. පව් දෙයියනේ අහිංසක මනුස්සයා. ගෙදර යන්න දෙන්නෙත් නැහැ. කියන වැඩක් කරන්නෙත් නැහැ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා