විජය ගොඩකුඹුර‍ට හිමි වූ ජාත්‍යන්තර සම්මානය ලංකාවට ප්‍රවෘත්තියක්වත් නොවෙයි


(2009 දෙසැම්බර් 10 - W3Lanka) ලංකාවේ පිළිස්සුම් තුවාලවලට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අනාරක්ෂිත කුප්පි ලාම්පු ය. කුප්පි ලාම්පු පෙරළීමෙන් සිදු වන මරණ අවම කිරීම පිණිස ඉවහල් වන ආරක්ෂිත කුප්පි ලාම්පු නිපදවීමේ හා බෙදා හැරීමේ නිරතව සිටින වෛද්‍යවරයකු වන විජය ගොඩකුඹුරගේ ව්‍යාපෘතිය බීබීසී ආයතනය විසින් පවත්වනු ලබන ලෝක අභියෝග තරගයේ 2009 වසරේ විශිෂ්ඨත ම ව්‍යාපෘතිය ලෙස තේරී ඇත. 

මේ වෙනුවෙන් ඔහුට ‍ඩොලර් 20,000ක ත්‍යාගයක් හිමි විය. මෙම තරගය සඳහා ලොව පුරා ව්‍යාපෘති 900ක් ඉදිරිපත් ර තිබූ අතර 127,800ක් දෙනා අන්තර්ජාලය හරහා හොඳ ම ව්‍යාපෘතිය තෝරා ගැනීම සඳහා ඡන්දය දුන් හ.



විසුමයට තුඩු දෙන කාරණය වන්නේ ලංකාවේ රජයට හා ජනමාධ්‍යවලට දෙසැම්බර් 02දා හේග් නුවරදී ඔහු ලබා ගත් මෙම සම්මානය ප්‍රවෘත්තියක්වත් නො වීමයි.


ලංකාවේ ලක්ෂ 60න් පමණ ජනයාට විදුලිය නැත. ඉතා දිළිඳු ජන කණ්ඩායම් වන මෙම පිරිස් ‍අතර ලාම්පු තෙල් නිසා ඇති වන පිළිස්සුම් තුවාල හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව ඉතා ඉහළ ය. ලොව පුරා වසරකට තුන් ලක්ෂයක් පමණ ජනයා මෙවැනි පිළිස්සුම් තුවාල හේතුවෙන් මිය යති.


අඳුරට සාප කරමින් සිටිනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම උතුම් යයි ඇමරිකානු කළු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ මාටින් ලූතර් කිං කීවේය.



Comments

  1. අන්තර්ජාලය හරහා එතුමාට ඡන්දය දුන්නෙක් ලෙස මම එතුමාට සුභ පතමි . . !!

    ReplyDelete
  2. ඇත්තටම මටත් සතුටුයි මේ ගැන.....

    මම මේ ගැන පෝස්ට් එකකුත් දැම්මා මගේ බ්ලොගයේ....

    ReplyDelete
  3. Math eyata vote kala matath hari sathutui

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා