බදු අඩු කෙරේ; සහල් ආනයනයට ඉඩ

(2009 දෙසැම්බර් 24 - W3Lanka) පිටරටින් සුදු සහල් හෝ ගෙන්වා ජනාධිපතිවරණයට බලපා තිබෙන සහල් මිළ අඩු කිරීමට ඊයේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙළඳ, පාරිභෝගික කටයුතු හා සමුපකාර සංවර්ධන ඇමති බන්දුල ගුණවර්ධනට උපදෙස් දුන්නේ ය.


ඇමති බන්දුල ගුණවර්ධන පවසන්නේ දේශපාලන උවමනාවන් මත සහල් හිඟයක් කෘත්‍රිමව නිර්මානය කර ඇති බවයි. එහෙත්, එම කුමන්ත්‍රණයට ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයින් සම්බන්ධ බවට එක්සත් ජාතික පක්ෂය කරන චෝදනා ඇමතිවරයා ප්‍රතික්ෂේප කරයි.


මේ වන විට පිටරටන් ගෙන්වන සහල් කිලෝවක් සඳහා අය කරන බද්ද රු. 25 සිට රු. 2 දක්වා අඩු කර ඇති බැවින් ඕනෑම කෙනෙකුට පිටරටින් සහල් ගෙන්විය හැකි බව ඇමතිවරයා පවසයි. ඉදිරියේදී පකිස්තානයෙන්, වියට්නාමයෙන් සහල් තොග ලැබෙන බැවින් මිළ පහත වැටෙනු ඇති බව ඇමතිවරයා පවසයි.



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා