පොළී අනුපාතික පහත දැමීමෙන් රාජ්‍ය බැංකුවලට කුමක් වේද?

(2009 ඔස්තෝබර් 28 - W3Lanka) අද සිට රාජ්‍ය බැංකුවල ණය පොළී අනුපාතික සියයට 8 සිට 12 දක්වා පහත බස්වන ලෙස මුදල් ඇමති ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කර තිබේ. 

මේ දක්වා රාජ්‍ය අංශයේ බැංකු විසින් ණය ලබා දුන්නේ සියයට 15 සි‍ට 22 දක්වා පොළී අනුපාතිකයකටයි. 


මේ මාසය වන විට ලංකාවේ වානිජ බැංකුවල සාමාන්‍ය ණය පොළී අනුපාතිකය සියයට 12.5 බව ලංකා බිස්නස් ඔන්ලයින් පවසයි. වසරකට පෙර එය පැවතියේ සියයට 20 මට්ටමේ ය.

‍ලංකාවේ උද්ධමනය මේ වන විට සියයට එකට අඩු මට්ටමක ඇත. උද්ධමනය ඉහළ ගියේ රජය සංචිත වියදම් කිරීම හා මුදල් අච්චු ගැසීම නිසා ය. එහෙත්, යුද්ධයේ නිමාවත් සමග තත්වය පාලනය වී තිබේ. 


රජයේ බැංකුවල මෙහෙයුම් වියදම් අධික වීම නිසා ඒවාට ණය පොළී අනුපාතික පහත හෙළීමේ හැකියාවක් නොමැති වී තිබේ. රජයේ මෙම තීරණය හේතුවෙන් රාජ්‍ය බැංකුවලට කුමන තත්වයකට මුහුණ දෙන්නට වේද යන්න තවම පැහැදිලි වී නැත.



රාජ්‍ය බැංකුවල ඇති තැන්පතු මුදලින් වැඩි ප්‍රතිශතයක් ණයට ගන්නේ රජයයි. ඒ භාණ්ඩාගාර බිල්පත් හා අයිරා ලෙසයි. රජයේ අයවැය ජංගම ගිනුමේ හිඟයක් පැවතීම එයට හේතුවයි.


කෙසේ වෙතත්, ‍‍කෘෂිකාර්මික, ධීවර, සංචාරක ක්ෂේත්‍ර වෙත වැඩිපුර ණය ලබා දීම මෙම තීරණයෙහි අරමුණ බව පෙනේ. මෙම ක්ෂේත්‍රවල කැපී පෙනෙන සංවර්ධනයක් නො වීම‍ට ණය පොළී අනුපාතික ප්‍රශ්නය හේතු වී තිබේ.


ණය සඳහා ඇපකර අවශ්‍යතා ලිහිල් කරන ලෙස ද රජය නියෝග කර තිබේ. එහෙත් මේ වන විට සියලු බැංකුවලින් ණය ලබා ගත් අය ගෙවීම් පැහැර හැරීම වැඩි වෙමින් තිබේ. 


රජය මෙම පියවර ගෙන ඇත්තේ ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන බව පෙනේ.


Comments

  1. මහින්ද ගනන් දන්නේ නෑ ඔයි,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා