පොළී අනුපාතික පහත දැමීමෙන් රාජ්‍ය බැංකුවලට කුමක් වේද?
(2009 ඔස්තෝබර් 28 - W3Lanka ) අද සිට රාජ්‍ය බැංකුවල ණය පොළී අනුපාතික සියයට 8 සිට 12 දක්වා පහත බස්වන ලෙස මුදල් ඇමති ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කර තිබේ. මේ දක්වා රාජ්‍ය අංශයේ බැංකු විසින් ණය ලබා දුන්නේ සියයට 15 සිට 22 දක්වා පොළී අනුපාතිකයකටයි. මේ මාසය වන විට ලංකාවේ වානිජ බැංකුවල සාමාන්‍ය ණය පොළී අනුපාතිකය සියයට 12.5 බව ලංකා බිස්නස් ඔන්ලයින් පවසයි. වසරකට පෙර එය පැවතියේ සියයට 20 මට්ටමේ ය. ලංකාවේ උද්ධමනය මේ වන විට සියයට එකට අඩු මට්ටමක ඇත. උද්ධමනය ඉහළ ගියේ රජය සංචිත වියදම් කිරීම හා මුදල් අච්චු ගැසීම නිසා ය. එහෙත්, යුද්ධයේ නිමාවත් සමග තත්වය පාලනය වී තිබේ. රජයේ බැංකුවල මෙහෙයුම් වියදම් අධික වීම නිසා ඒවාට ණය පොළී අනුපාතික පහත හෙළීමේ හැකියාවක් නොමැති වී තිබේ. රජයේ මෙම තීරණය හේතුවෙන් රාජ්‍ය බැංකුවලට කුමන තත්වයකට මුහුණ දෙන්නට වේද යන්න තවම පැහැදිලි වී නැත. රාජ්‍ය බැංකුවල ඇති තැන්පතු මුදලින් වැඩි ප්‍රතිශතයක් ණයට ගන්නේ රජයයි. ඒ භාණ්ඩාගාර බිල්පත් හා අයිරා ලෙසයි. රජයේ අයවැය ජංගම ගිනුමේ හිඟයක් පැවතීම එයට හේතුවයි. කෙසේ වෙතත්, කෘෂිකාර්මික, ධීවර, සංචාරක ක්ෂේත්‍ර වෙත ...