මුතුහෙට්ටිගම සීනිගමදී ගැසූ පොල් කොළඹට වැදුණා ද? ඔහුට ම වැදුණා ද?

(2009 ඔක්තෝබර්  14 - W3Lanka) ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයකු ලෙස තරග කරමින් මහත් ආන්දෝලනාත්මක ලෙස කටයුතු කළ නිශාන්ත මුතුහෙට්ටිගම තම මනාප ප්‍රතිඵල පිළිගත නො හැකි බව ද, පළමු තැනට මනාප ලැබූ තමාගේ මනාප වෙනස් කර තමන් තුන්වන තැනට පත් කළ බව ද කියමින් සාධාරණත්වය පතා අද සිනිගම දේවාලයේදී මිරිස් අඹරා පොල් ගැසුවේය. 


ඔහුගේ සාපය ඉලක්ක විය යුත්තේ කාටදැයි නිශ්චිතව නො කීව ද ඔහු චෝදනා නඟන ආකාරය අනුව නම් ඔහුට කළේ යයි කියන අසාධාරණය පසුපස සිටිය යුත්තේ ඔහුගේ පක්ෂයේ නායකයා වන ජනාධිපති මහිනිද රාජපක්ෂයි. 


ඔහු ගැසූ පොල් ගෙඩිය ඔහුට ම වැදීමකින්දෝ ඔහුගේ විනය විරෝධී ක්‍රියාවලට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වනු ඇති බව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම් දුන්නේ ය.


තමන් ඕනෑ ම පරීක්ෂණයකට සූදානම් බව මුතුහෙට්ටිගම ද පවසයි. 


ලංකාවේ දෑතින් ම වෙඩි තැබිය හැකි දෙවන මහ ඇමතිවරයා වන්නේ තමන් බව මුතුහෙට්ටිගම මැතිවරණ ව්‍යාපාරය අතරතුර පැවසීය. පළමුවැනියා කොටි සංවිධානයේ ළමා සොල්දාදුවකු ලෙස දේශපාලන ජීවිතය ඇරඹූ නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් ය.

Comments

  1. ඔහොම යනකොට වදින තැන්වලට වදි.

    ReplyDelete
  2. ලංකාවේ දෑතින් ම වෙඩි තැබිය හැකි දෙවන මහ ඇමතිවරයා වන්නේ තමන් බව මුතුහෙට්ටිගම මැතිවරණ ව්‍යාපාරය අතරතුර පැවසීය

    Maara sudusu kamak thama maha amathi wenna...ratakata giya kala

    ReplyDelete
  3. Patangaththeth Dakunen Iwara wenneth Dhakunen wage..

    ReplyDelete
  4. කොහොම වුනත් මේ මසෙ එතුලත 1Kg කින් මගෙ බර වැඩිවෙලා. හොයල බැලින්නම් කාරනාව මුතු සහෝදරයගෙ Comedy Talk අහලා. මරු පොරක් හලෝ.

    www.geethge.blogspot.com

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා