පොලිසිය හා සෙනග ඉදිරිපිට පහර දී ගිල්වා මානසික රෝගියකු මරා දමයි



(2009 ඔස්තෝබර් 30 - W3Lankaලෝකයේ මානසික රෝගීන් මරා දමන රටවල් තිබේ නම් ලංකාව ඉන් එකක් වන අතර බම්බලපිටියේදී දුම්රියට ගල් මුල් ගැසූ බව කියන මානසික රෝගියකු ඊයේ කිසියම් පිරිසක් විසින් පහර දී මරා දැමීම පිළිබඳව තොරතුරු හෙළි වෙමින් තිබේ. 

මෙම මානසික රෝගියාට පහර දී ඇත්තේ පොලිසිය හෝ වෙනත් ආරක්ෂක අංශවලට සම්බන්ධ දෙදෙනෙකු බව ද, එහිදී ඔහු මුහුදේ ගිලී මිය ගිය බව ද කියවෙන අතර, කෙසේ වෙතත්, මෙම පුද්ගලයාගේ මිනිය සොයාගෙන නැත. එසේ ම, ඔහුගේ මරණය හා සමිබන්ධව රාජකාරි නිසි ලෙස සිදු වී නැති බව ද වාර්තා වේ. පොලිසිය මෙම අපරාධය නිරීක්ෂණය කළමුත් කිසිදු ක්‍රියාමාර්යක් නොගත් බව ද, ටී.එන්.එල්. රූපවාහිනිය මෙම සිදුවීම වීඩියෝ කර ඇති බව ද අද ලක්බිම පුවත්පත වාර්තා කරයි.


මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක මහතා පවසයි.දියේ ගිලී මියගිය පුද්ගලයාගේ මෘත දේහය සෙවීම නාවික හමුදාව විසින් ඊයේ (29) පස්වරු ආරම්භ කර තිබුණු බව දිනමිණ වාර්තා කරයි.

මානසික රෝගීන්ගේ මානව හිමිකම්වලට ගරු කිරීම ලංකාවේ ඉතා පහළ මට්ටමක පවතී. පොලීසි, අධිකරණ වැනි ආයතනවල පමණක් නොව මානසික රෝහල් හා සායනවල ද රෝගීහු දැඩි පීඩාවට හා හිංසනයට ලක් වෙති. සාමාන්‍ය ජනයා අතර මානසික රෝගීන්ට මානුෂිකව සැලකීමේ අවශ්‍යතාව පිළිබඳ අධ්‍යාපනයක් ලබා දීම අවශ්‍යව තිබේ.  


ලංකාවේ ජනගහණයෙන් 3%ක් පමණ කුමන හෝ මානසික රෝගයකින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පෙන්වා දෙයි. 2%ක් ජනයා බරපතල මානසික රෝගවලින් පෙළෙති. 10%ක් දෙනාට මානසික ගැටළු තිබේ. ලංකාව ලෝකයේ වැඩිම සිය දිවි නසාගැනීම් හා මත්පැන් වැරදි පරිහරණය සිදු වන රටක් ලෙස හඳුනාගෙන තිබේ. දීර්ඝ කාලීන යුද්ධය හා සුනාමි වැනි හේතු මත පසුගිය කාලයේ ලංකාවේ මානසික සෞඛ්‍ය තත්වයේ පිරිහීමක් දක්නට ලැබිණි.

දැනට අංගොඩ සහ මුල්ලේරියාව මානසික රෝහල්වල 3000ක් පමණ රෝගීහු නේවාසිකව සිටිති. මුල්ලේරියාවේ සිටින 800ක් පමණ දෙනා කාන්තාවෝ වෙති. දීර්ඝ කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබන මොවුන් අතරින් බොහෝ දෙනෙකු සුවය ලබා සිටිය ද රෝහලෙන් පිට කිරීමට නො හැකිව ඇත්තේ ඔවුන් භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නො වන හෙයිනි.

මානසික රෝගීන් යනු රටේ දිළිඳුම ප්‍රජාවන්ගෙන් එකකි. ඉතා ම පහළ ආදායම් මට්ටම්වල සිටින මානසික රෝගීන්ගෙන් බහුතරයකගේ තත්වය නඟා සිටුවීම අපහසු වී ඇත්තේ ද දරිද්‍රතාව නිසා ඔවුන්ට නිසි ප්‍රතිකාර නො ලැබෙන බැවිනි. රෝහල්වල ඖෂධ හිඟ වීම, ඖෂධ මිළ දී ගැනීම‍ට රෝගීන් අත මුදල් නොමැතිකම හා නිසි කලට සායන වෙත ගෙන ඒම සඳහා ප්‍රවාහන පහසුකම් නොමැති වීම වැනි හේතු මෙහිදී බලපායි.

ලංකාවේ මිලියන විස්සක් වන ජනගහණය සඳහා විශේෂඥ මානසික වෛද්‍යවරුන් සිටින්නේ 35කි. එනම් ජනගහණයෙන් මිලියනයක‍ට විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුට අඩු ය. සංඛ්‍යාලේඛන අනුව මේ වනාහි  රෝගීන් 17,000කට පමණ එක් අයෙකු බැගිනි. පුහුණු මානසික සෞඛ්‍ය හෙද හෙදියන් සිටින්නේ ජනගහණයෙන් මිලියනයකට 18දෙනෙකු පමණි. දැනට දිවයින පුරා මානසික වෛද්‍ය නිලධාරීහු 110ක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 



සිද්ධියේ වීඩියෝව මෙතැනින් නරඹන්න.







Comments

  1. මමත් මේ දැං වීඩියෝ එක දැක්කේ.
    අනේ මංදා මේ රටට මොනවා වේගෙන එනවද කියලා... O_o

    ReplyDelete
  2. ලෝකෙන්ම උතුම් රට නැවතත් අති උතුම් සිංහල බෞද්ධ සංස්කෘතිය දෙසට අධි වේගයෙන් ගමන් කරමින් සිටී.. ප්‍රීති.. ප්‍රීති

    ReplyDelete
  3. ohoma deval one rataka venda puluvan. eth eva valakva ganeema ape vagakeema
    duppathunta vitharak neve pohosathuntath manasika roga hadenava :P ekata ehema seemavak bhedhayak na... samaharunta pohosath veema nisama asahanaya athivenava kiyala hoyagena thiyenava.
    manasika vaidya varuntama meva palanaya karanna ba. puhunu mano upadeshakayo avashyai. ehama nathnam agamika nayakayota puluvan meeta udav karanna. manda owun rata purama pathjirila sitinava menma agamin sithata sahanayak laba denna puluvan.

    in this case maybe they tryed to apprehend him for some complaint or sometrhing and took very wrong steps. what should b done is there should be a clear policy & procedure for handling such poeple.

    ReplyDelete
  4. අනගාරික ධර්මපාල මතු ආත්ම වල ලංකාවේ නැවත ඉපදෙන්න එපා කියලා ප්‍රරථනා කලේ මෙවාගේ සිද්ධි මේ වකවානුවේ මේ ධර්මද්විපයේ සිද්ධවන බව කලින් දැන ගත්ත නිසාද කියලා දන්නේ නෑ.

    ReplyDelete
  5. who is the real mental disordered person???

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා