සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකුට ම මනෝ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රටක ජීවත් වීම | Living among a people every fifth man needs mental therapy
( 2010 ඔක්තෝබර් 11, W3Lanka ) සමීක්ෂණ වාර්තාවලින් හෙළි වී ඇති පරිදි මෙරට ජනගහනයෙන් ලක්ෂ 40 ක් පමණ දෙනා කුමන හෝ මානසික රෝගයකින් පෙළෙන බව ද, එම පිරිසෙනුත් ලක්ෂ 4 කට ආසන්න පිරිසක් අධි මානසික රෝගවලින් පෙළෙන බව ද,ලක්ෂ 40 ක් පමණ වූ මානසික රෝගීන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම සිදුකරන්නේ සියයට 40 ක් පමණ දෙනා බව ද, ඉතිරි සියයට 60 දෙනා ම ප්‍රතිකාර නොගනිමින් සිටීම බරපතළ ගැටලුවක් බව ද ඇතැම් පුද්ගලයන් මානසික රෝගයක් සෑදීම රහසක් ලෙස තබාගෙන සිටීමත්, නොදැනුවත්භාවයත්, සමාජයේ අගෞරවයට ලක් වේය යන හේතුන් නිසාත් ඇතැම් අය මේ රෝගයට ප්‍රතිකාර ගැනීමට මැලි වන්නේ යැයි ද ලෝක මානසික සෞඛ්‍ය දිනය නිමිති කර ගනිමින් අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මඟින් පැවැත් වූ චිත්‍ර හා අත්කම් ප්‍රදර්ශනයට සහභාගි වෙමින් කොළඹ ජාතික කලාභවනේදී සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (10 දා) ප්‍රකාශ කෙළේය. මේ කතාවට ඌන පූරණයක් කළ යුතු ය. ලංකාවේ සමාජය මානසික රෝග පිළිබඳව දන්නේ ඉතා අඩුවෙනි. පාරේ යන පිස්සු ගැහැනියක අවුස්සා ඇයට ගල් ගසන දර්ශන නාගරික ත්‍රිරෝද රථ ගාල් ආදිය ආසන්නයේ සුලබ ය. ඒ එක පැත්තකි. එහෙත්, අනෙක් පැත්තෙන් ලංකාවේ සමාජය ම...