2009-10-19

කැනඩාවට පනින්න හැදූ ලාංකික පිරිසක් එරට මුහුදේදී කොටු වෙති.


(2009 ඔක්තෝබර්  19 - W3Lanka) ලෝකෙන් උතුම් රට යයි කියන ලංකාවෙන් බටහිර රටවලට මිනිසුන් පැන යන්නේ නැව් පිටින් ය. පසුගියදා ඔස්ට්‍රේලියාවට පැන යමින් සිටියදී ඉන්දුනීසියාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ 200කට අධික පිරිස ආපසු ලංකාවට යා නො හැකි බව කියමින් මාරාන්තික උපවාසයක යෙදී සිටිති.

මේ අතර අලුත් ම සිද්ධිය වන්නේ කැනඩාවට පළා යමින් සිටි තවත් පිරිසක් එරට මුහුදු සීමාවේදී කැනේඩියානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමයි.


මේ පිරිසට 76දෙනෙකු ඇතුළත් වන අතර ඔවුන් යාත්‍රා කරමින් සිට ඇත්තේ ඔෂන් ලේඩි නම් කුඩා නැවකයි. මේ සමග ඇති පිංතූරවල එම කුඩා යාත්‍රාව සහ එහි යමින් සිටි සංක්‍රමණිකයෝ දැක්වෙති.