මහාබෝධියේ අයිතිය වෙනුවෙන් ඉන්දීය සුළුතර බෞද්ධයන්ගේ සටන ලංකාවේ බෞද්ධ නායකයන්ට නො පෙනෙන්නේ ඇයි?


(2010 ජනවාරි 11 -W3Lanka) බුද්ධෝත්පත්තිය සිදු වූ ගයාවේ මහාබෝධි විහාරයේ අයිතිය වෙනුවෙන් පැන නැඟී තිබෙන ප්‍රශ්නයේදී සුළුතරයක් වන බෞද්ධයන්ගේ ඉල්ලීම් කෙරෙහි සැලකිල්ලක් නොදැක්වූයේ යයි කියමින් ඉන්දීය ජාතික සුළුතර කොමිෂම බුද්ධගයාව අයත් වන බිහාර් ප්‍රාන්තයේ රජය විවේචනය කරයි.


අනාගාරික ධර්මපාලතුමා විසින් ආරම්භ කරන ලද නීති ක්‍රියාමාර්ගයක ප්‍රතිඵල ලෙස මීට වසර 60කට පමණ පෙර සම්පාදනය කරන ලද නීති ප්‍රකාරව මහාබෝධී විහාරය පාලනය කරනු ලබන්නේ බෞද්ධයන් සිව්දෙනෙකුගෙන් හා හින්දූන් සිව්දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් විසිනි. නීති අනුව ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා හින්දුවරයකු නම් එහු මෙම භාරකාර මණ්ඩලයේ සභාපති විය යුතු ය.


මෙම නීති මගින් හින්දූන්ට මහාබෝධිය පාලනයේ ආධිපත්‍යය හිමි වී ඇතැයි යන පදනම මත නීති වෙනස් කරන ලෙස ඉල්ලා භාන්තේ බුද්ධ ශරාන් ඇතුළු බෞද්ධ කණ්ඩායමක් විසින් උපවාසයක් ආරම්භ කර තිබේ.


මෙම උද්ඝෝෂණය පිළිබඳ ලංකාවේ බෞද්ධ නායකයෝ නිහඬ ය. ඒ ඇයි? ඉන්දියාවේ බෞද්ධයන් සුළුතරයක් වන නිසා ද? සුළුතර අයිතිවාසිකම්වලට ගරු කිරීම ලංකාවේ ඕල්කට්වාදී සිංහල බෞද්ධයන්ගේ අධිපති මානසිකත්වයට අනුකූල නො වන නිසා ද?

Comments

  1. We don't get involved in India's affairs. Likewise, we don't want others to meddle in ours.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා