තිස්සනායගම්ගේ සගයෝ නිදහස්


(2009 ඔක්තෝබර්  26 - W3Lanka) විසි වසරකට සිර ගෙට නියම කරනු ලැබූ දෙමළ මාධ්‍යවේදී ජේ. එන්. තිස්සනායගම් සමග නෝත් ඊස්ටර්න් මන්ත්ලි නම් ඉංග්‍රීසි සඟරාව ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළේ ය යන චෝදනා මත වෙසර එකහමාරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි වෙට්‍රිවේල් ජසිහරන් හා ඔහුගේ බිරිඳ වලර්මදී අද දින අධිකරණය විසින් නිදහස් කරන ලදී.

මාධ්‍යවේදී තිස්සනායගම් හට ඔහු විසින් ලියන ලද ලිපි මගින් මහජන කැළඹිලි ඇති කිරීමට උත්සාහ කරන ලද බවට, කොටි සංවිධාන‍යෙන් මුදල් ලබා ගත් බවට හා ත්‍රස්තවාදයට උදව් කළ බවට චෝදනා එල්ල විය. ඔහුට විරුද්ධව ප්‍රබල ම සාක්ෂිය වූයේ ඔහු විසින් ම දෙන ලද කටඋත්තරයකි. මෙය ස්වේච්ඡාවෙන් නො දුන් එකක් බව තිස්සනායගම් නඩු විභාගයේදී ප්‍රකාශ කළමුත් අධිකරණය එම කටඋත්තරය ස්වේච්ඡාවෙන් දුන් එකක් බවට පිළිගත්තේය.

Comments

  1. දැන් අධිකරණයයි. නීතියයි "චෝයි, ද? "නෝටි" ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා