මට මහළු වයසේ බැරිය දඟ පන්දු පෙර සේ

(2009 නොවැම්බර් 30 - W3Lanka) ඉදිරි ලෝක කුසලාන තරගාවලියට පෙර දඟ පන්දු ප්‍රාතිහාර්යය මුත්තයියා මුරලිදරන් පිටියෙන් සමු ගන්නට අදහස් කරන බව වාර්තා වේ. 

ශ්‍රී ලංකාව ඉන්දියාව ඉදිරියේ දැවැන්ත ම පරාජය ලද දෙවන ටෙස්ට් තරගයේදී මුරලිදරන්ගේ පන්දු යැවීම දුර්වල මට්ටමක තිබිණි. තණ නිල්ල එතරම් වාසිදායක තත්වයක නො තිබුණත්, ඕනෑම තණ නිල්ලක දඟ කැවීමේ ශූරයක් ලෙස කීර්තිමත් මුරලිදරන්ට මෙම තරගය ද ඇතුළු මෑත තරගාවලිවලදී සිය සුපුරුදු දස්කම් පෑමට නො හැකි වීම පිටුපස ඔහුගේ වයස හා ශාරීරික ශක්ති මට්ටම ඇති බව විචාරකයෝ පවසති. මෙහිදී හිටපු ඉන්දීය දක්ෂ දඟ  පන්දු යවන්නකු වන ඒරාපල්ලි ප්‍රසන්න කරන ප්‍රකාශය ඉතා වැදගත් ය. 

ඔහු පවසන්නේ මුරලිගේ පන්දු යැවීමේ දුර පිහිටුවීම හෙවත් ලෙන්ත් නිවැරදිව නො තිබුණු බවයි. එහෙයින් පිතිකරුවන් පසුපාදයේ පහර දෙමින් කට් පහරවල් හා ඩ්‍රයිව් පහරවල් එල්ල කළ බව ද දඟ පන්දු යවන්නකු හැම විට ම පිතිකරු ඉදිරි පාදයේ ක්‍රීඩා කිරීමට පොළඹවා ගත යුතු බව ද ඔහු හින්දු පුවත්පතට පවසා තිබිණි. සෑම ක්‍රීඩකයකුට ම වයසත් සමග මෙය සිදු වන බව ද සැම විට ම එක ම පාලනයකින් පන්දු යැවීමට නො හැකි වන බව ද ඔහු පවසයි.  



Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා