අප කෑ පරිප්පුව තොපත් කත්වා යයි යාපනයේ ජනයා කියති


(2009 නොවැම්බර් 26 - W3Lanka) ජනමාධ්‍යකරුවන් පිරිසක් විසින් පසුගියදා යාපනයේ පවත්වන ලද ජනමත සමීක්ෂණයකින් අපූරු ප්‍රතිඵලයක් ලැබී ඇත. ඒ අනුව, යාපනයේ ජනතාවගෙන් අති බහුතරයක් හෙවත් 70%ක් පමණ ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නට යන්නේ හිටපු හමුදාපකි ජනරාල් සරත් ෆොන්සේකාටයි. 

මෙම ප්‍රතිඵලය හා සම්බන්ධව අසන්නට ලැබුණු රසවත් ම තොරතුර ඇත්තේ යාපනයේ ජනතාව හමුදාපති සරත් ෆොන්සේකාට කැමැත්තක් දක්වන්නට ඇති හේතු තුළයි.



සමීක්ෂණයට භාජනය වූ පුද්ගලයන් අතරින් මතු වූ අදහසක් වන්නේ යාපනයේ ජනතාව දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ හමුදා පාලනයක් තුළ ජීවත් වන නිසා එම තත්වය දකුණේ ජනතාව ද අත් විඳිනවාට ඔවුන් කැමැත්තක් දක්වන බවයි.


අප පාඨකයකු විසින් වාර්තා කරන ලද මෙම තොරතුරෙහි සත්‍ය අසත්‍යභාවය අපට තහවුරු කළ නො හැකි ය. එහෙත් අප එය මෙහි පළ කරන්නේ හේතුවක් ඇතිවයි. 

මෙය හුදු ප්‍රබන්ධයක් හෝ නූතන ජන කතාවක් හෙවත් යාන් එකක් වුණත් මෙහි ඇති ගැඹුර කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතු ය. යාපනයේ ජනයා ජීවත් වූයේ එළිමහන් සිරකඳවුරක බව අප බොහෝ දෙනෙක් දැන සිටියේ නැත. දැනගත්තත්, ඒ ගැන කරදර වන්නට දකුණේ ජනතාවට උවමනාවක්, උනන්දුවක් තිබුණේ නැත. නහයට උඩින් වතුර ගලා ගිය උතුරේ ජනයාට තව කොතරම් ගැලුවත් කමක් නැත. 



අප කෑ පරිප්පුව තොපත් කත්වා යයි ඔවුන් සිතනවා විය හැකි ය.


මෑත ඉතිහාසයේ රටට පරිප්පු බෙදීමේ ‍යුගයේ කාර්යයට උර දී සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණයි. 2005දී බෙදූ රාජ පරිප්පුව උඩට දැන් මිලිටරි පරිප්පු හොද්දක් ද බෙදන්නට කාල් ගාමින් සිටින ජවිපෙ සහෝදරවරුන් ගැන ඇමති ඩිලාන් පෙරේරා වැදගත් කතාවක් කීවේය. එනම්, නූතන දේශපාලන ජවනිකාවල නිර්මාතෘන් වන ජවිපෙ සහෝදරයින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගෙන ඡන්දයෙන් පසු රටින් පළා යන්නට සිටින බවයි. 


විමල්ලාගේ නන්දනලාගේ කෙරුවාව දෙස බලන විට මෙය ද නො විය හැක්කක් නො වේ. ගම්වල ජවිපෙ සහෝදරයින්ට හැංගෙන්නට දැන් සිට ම බිත්තර කටු සොයා තබා ගන්නේ නම් යෙහෙකි.

Comments

  1. vile nature of this post attributing pure racist malice to tamils in jaffna is disgusting.

    thankfully this alleged racism of tamils ( for which these fools are able to give one named source ) seems to be fantasy projection of the racists hatemongers who run this blog .

    let us hope all those who spew such hate on tamils and others stew in their own hate .

    -
    btw i will keep copies and screenshots of this post for future reference and proof about racism in this cite

    ReplyDelete
  2. correction-
    for which these fools are unable to give one named source

    ReplyDelete
  3. ඔයාලගෙ මේ හීනේ හැබෑ වෙන්නෙ නෑ

    නූතන දේශපාලන ජවනිකාවල නිර්මාතෘන් වන ජවිපෙ සහෝදරයින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගෙන ඡන්දයෙන් පසු රටින් පළා යන්නට සිටින බවයි.

    මට දුක ඔයාලට ඩිලාන් මේ කියන දේවල් සිරා වෙන එක ගැන.
    අපි ඩිලාන් ගැන දන්නෙම නැද්ද?
    ඇත්තටම ඩිලාන්ට වැඩිය ජවිපෙ ගැන අපි දන්න නිසා වෙන්න පුලුවන් දේ මේක නෙවෙයිනෙ නේද?

    ReplyDelete
  4. මෙම සටහනින් අප කිසි සේත් ම අදහස් නො කරන දෙයක් වන්නේ දෙමළ ජනයාට එරෙහිව ජාතිවාදය වැපිරීමයි.

    මෙම සිදු වීම හරහා මෙන් ම මීට පෙර සටහන්වලින් ස අප දිගින් දිගට ම පෙන්වා දීමට උත්සාහ කරන්නේ මෙම ජාතීන් අතර ඇති විරසක හැඟීම් දුරු කිරීම සඳහා පියවර ගත යුතුව ඇති බවයි.

    ඒ සඳහා සැබෑ ලාංකික ජාතියක් ගොඩනැඟීම සඳහා පියවර ගත යුතු බව අප මීට පෙර බොහෝ අවස්ථාවලදී පෙන්වා දී ඇත්තෙමු.

    ඔබගේ අදහස් පළ කිරීමෙන් අදහස් කරන්නේ අපට තර්ජනය කර බියවැද්දීම නො වේවා යි බගාපොරොත්තු වෙමු.

    ජාතිවාදය වැපිරීම කිසි සේත් ම මෙම වෙබ් අඩවියේ අරමුණක් නො වන බව අපි නැවත නැවතත් ප්‍රකාශ කර සිටිමු.

    ReplyDelete
  5. everyone can read this post and see you are a vile racist.

    to now say that i am threatening you bc i call you a racist bc you are doing what is racist by dictionary definition is laughable.

    what i am doing is exposing your and commenting on your inherent disgusting racist ideology same one that ltte terrorist murderers preached.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා