ගූගල්හි ගෙවල් හදන්න දැන් Google Building Maker ඇවිත්

(2009 ඔක්තෝබර්  15 - W3Lanka) ගූගල් අර්ත් වෙනුවෙන් එහි නගරවල ඇති ගොඩනැගිලි ඉදි කිරීමේ ක්‍රීඩාවක් බඳු වැඩසටහනක් වන ගූගල් බිල්ඩිං මේකර් දැන් එළි දක්වා තිබේ. 

මෙතැනින් පිවිස බලන්න Google Building Maker

ගුවන් ඡායාරූප හා අදාළ ගොඩනැඟිල්ලේ සරළ ත්‍රිමාන රූප උපයෝගී කරගෙන ඔබට එම ගොඩනැඟිල්ල නිර්මානය කළ හැකි අතර, ගූගල් ඔබේ නිර්මානය හොඳ එකක් නම් එය ගූගල් අර්ත්හි  ත්‍රිමාන ගොඩනැඟිලි තලයට එක් කරයි. 


ගුගල් බිල්ඩිං මේකර් ක්‍රියා කරන හැටි මෙතැනින් නරඹන්න. http://www.youtube.com/watch?v=JI6wVtCY99E


දැනට අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වයන්ගෙන් 6%කට හිමිකම් කියන ගූගල් වෙතින් නිකුත් වන නවතම වැඩසටහන වන මෙය අපගේ බ්‍රවුසරවල ක්‍රියා කරන, නිදහස්, භාෂා 14කින් වැඩ කළ හැකි එකකි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා